මේ වසර තුල මා මීගමුව ගැන ලිවීමට අපේක්ෂාකල මාතෘකා කිහිපයෙන් එකක්වුයේ මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය. ඒ මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලට මේ වසරේදී (2016) දෙසිය (200ය) වසරක් පිරීම නිමිත්තෙනි. ශ්‍රී ලංකාවේ කිසිම කාන්තා විදුහලකට මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල තරම් දීර්ඝ ඉතිහාසයක් නොමැත. අදටත් ක්‍රියාත්මක මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල ලංකාවේ පැරණිම කාන්තා විදුහලය. එහෙත් ඒ බව දන්නේ ලංකාවේ කීයෙන් කීදෙනාද? ලංකාවේ පැරණිම කාන්තා විද්‍යාලය මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය බව හඩනගා කියන්නේ ශ්‍රී ලාංකීකයන් අතරින් කීයෙන් කීදෙනෙකුද? ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේහිලා බාලිකා පාසැල් පිහිටවීමේ පෙරමන් විවරකලේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල බවත්, එය මහා ස්ථම්භකයක් ලෙස මීගමුවේ පිහිටා තිබෙන බවත් නොවහලා කියන්නෝ කීදෙනෙක් නම් ලංකාවේ ජනමාධ්‍යවල, විශ්ව විද්‍යාලවල, ඉතිහාස පොත්පත් ලියන්නන් අතර සිටීද ?
ස්වදේශීය මාධ්‍යන්ගෙන් සිප්සතරකල ස්වෝත්තමවාදී ලාංකීය නව සමාජ පන්තීන් ජාති-අන්ධකාරයෙන් පෙළහරපාමින් සෑම සියළු ඉතිහාස වැදගත්කමක්ම 'බටහිර පරගැතිකමින්' ගලවා වංශකථා සාහිත්‍යයේ එන උතුරැ ඉන්දියානු මූලයන්ට බද්ධ කිරීමට වෙරදරමින් සිටින මෙකල 'More Beyond' නම් වෙස්ලියානු (Wesleyan / Francis Bacon) ආදර්ශ පාඨයන් අර්ථයක් නැති හැගවුම්කාරකයන්වීම එයට හේතුවවීමට පුළුවන.
එහෙත් 'More Beyond' යන්න ශතක දෙකක් පුරා මීගමුව පුරවරයේ පමණක් නොව අවට ප්‍රදේශයන්හි පවා විසූ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ, බර්තාස්, පරවර්, හෙට්ටි, කොච්චි හෝ බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි හෝ කරාව, දුරාව, සලාගම, ගොවිගම යන අනේකවිධ ජාති, ආගම්, කුල ආදීයට අයත් ලක්ෂ සංඛ්‍යාත බාලිකාවන්ට කිසිදු බේදයකින් තොරව සිංහල මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන්ද අධ්‍යාපනය ලබාදුන් මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ ආදර්ශ පාඨයය.
ඒ ආකාරයෙන් කිසිදු බේදයකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙහිලා මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල ලබාදී ඇති පරමාදර්ශයට ආසන්නවීමටවත් ශ්‍රී ලංකාවේ නමගිය බොහෝ බාලිකා පාසැල්වලට අදටත් නොහැක. ඔව්හු ඔක්කො ජාතියට නැතිනම් ආගමට පමණක් සීමාව සිප්සතර හදාරන්නන් ජාතියෙන් සහ ආගමින් මුසපත් කරමින් සිටිති. මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල එවන් සීමාවන්හී කොටු නොවී අදටත් 'More Beyond' නම් සිය ආදර්ශ පාඨය පෙරදැරි කරගනිමින් විරාජමානව වැජබෙති. එහෙත් ඒ පණිවිඩය රටට ගෙන ගොස් රටේ සියල්ලන් ජාති-ආගම් අන්ධකාරයන්ගෙන් අවදිකරලීමට වෙර නොදරති. ඒ එහි ආරම්භය රටේ ප්‍රධාන ජාතික-ආගමික සංස්කෘතික අනන්‍යතාවයට වෙනස්ව සිදුව ඇති නිසාත්, අඩුම වශයෙන් වෙනත් පැරණි කාන්තා විදුහල් මෙන් නිව්ස්ටෙඩ් විදුහල යටත්විජිත යුගයේදී සිදුවූ බෞද්ධ ආගමික ප්‍රබෝධයට කිසිලෙසකින්වත් සම්බන්ද නොවූ නිසාද වියහැක. එහෙත් ලංකා ඉතිහාසය තුල මීගමුව නිව්ස්ටෙඩ් විදුහලට හිමිවිය යුතු අද්විතීය ස්ථානය කිසිකලක විතැන්කල නොහැක.
නිව්ස්ටෙඩ් විදුහල ආරම්භකරනුයේ එංගලන්තයේ සිට පැමිණි Robert Newstead නම් වෙස්ලියානු සභාවේ පියතුමා විසිනි. ඒ 1817දීය. ඒවන විටත් වේස්ලියානු සභාව විසින් ලංකාවේ පැරණිම පාසැලක් ලෙස සැලකෙන ගාල්ලේ Richmond විදුහල ආරම්භකර තිබුණි. 1817 දී Robert Newstead පියතුමා මීගමුවට පැමිණේනවිටත් මීගමුවේ වෙස්ලියානු ක්‍රිස්තියානු සභාවක් තිබුණි. Don Daniel Pereira පියතුමාද, L.E.Pereira මුදලිතුමාද එම සභාවේ සිටි බව ලංකා වේස්ලියානු සභාවේ දුත මෙහෙවර ගැන සදහන් වාර්තාවලට අනුව පෙනේ. එමෙන්ම ඔවුන් 1816 සැප්තැම්බර්යේ සිට ඉරිදා පාසැලක් පවත්වාගෙන ගොස් තිබුණි. නිව්ස්ටෙඩ් විදුහලේ මුල් පදනම එයය. ඒම කාලය වනවිටත් මීගමුවේ ඉරිදා පාසැල් කිහිපයක් පල්ලි මට්ටමින් පවත්වාගෙන යමින් තිබු බව එම වෙස්ලියානු වාර්තාවලම දැක්වේ. වෙස්ලියානු ඉරිදා පාසැලටද ගැහැණු පිරිමි ළමයින් දෙපක්ෂයම පැමිණි බව සදහන්ය.
එහෙත් 1817 දී Robert Newstead පියතුමා විසින් මෙම ඉරිදා පාසැල සතියේ දිනවල ක්‍රියාත්මකවන පිරිමි පාසැලක් බවට පත්කරන ලද අතර ඉරිදා පාසැලට ගැහැණු පිරිමි ළමයින් දෙපක්ෂයම පැමිණි තිබේ. නොබෝ කලකින් එය ගැහැණු ළමුන්ගේ පාසැලක් බවට පත්වුයේ මීගමුවේ ඒ වනවිටත් පිරිමි ළමුන් සදහා පාසැල් කිහිපයක්ම තිබු නිසාත් ගැහැණු ළමුන් සදහා පාසැලක් මීගමුවේවත්, ලංකාව තුලත් නොපැවැති නිසාය. මේ විස්තර ලන්ඩනයේ SOAS විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති වෙස්ලියානු ධර්මදුත වාර්තාවල සදහන්ය (SOAS, Missionary Notices Vol I -Vol III, 1819-20). අභිනවයෙන් ගොඩනැගුණ මේම වෙස්ලියානු පාසැල සදහා මීගමුවේ පිහිටි ලන්දේසි පෙරදිග වෙළද සමාගමට (VOC) අයත් අනු-සමාගමකට කලක් අයත්ව තිබු පැරණි බංගලාවක් සහ ගබඩාවක් සහිත ඉඩමක් රික්ස් ඩොලර් 1500කට මිලදී ගෙන තිබේ. අදටත් එම ගොඩනැගිල්ල Mission House ගොඩනැගිල්ල ලෙස මීගමු නිව්ස්ටෙඩ් විදුහල් භූමියේම වෙරළට මුහුණලා පිහිටා තිබේ.
ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේලා විධිමත් පාසැල් ක්‍රමයක් ආරම්භවීමට වසර එකසිය තිහකටත් (130) පෙර කාලයක ආරම්භවන මීගමුව නිව්ස්ටෙඩ් විදුහල ශ්‍රී ලංකාවේ කාන්තාවන් සදහා ද්විතීය අධ්‍යාපනය සහ නේවාසික අධ්‍යාපනය මුලින්ම හදුන්වාදුන් පාසැලද වේ. 1911 වනවිටත් බ්‍රිතාන්‍යයේ උසස් සමාර්ථ අධ්‍යාපන සදහා ලංකාවේන් සිසුවියන් ඉදිරිපත්කරන පාසැලක් ලෙස මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහල පිළිගැනීමට ලක්ව තිබුණි. Claribel Beven මහත්මිය මෙලෙස මීගමුවේ නිව්ස්ටෙඩ් විදුහලින් සිප්සතර හදාරා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලැබූ මීගමුවේ උපන් ලංකීක කාන්තාවකි.
එමෙන්ම, ලංකාවේ දහනවවන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල්කාලයේ ඇරබී බොහෝ කාන්තා විදුහල් සදහා පරමාදර්ශය කරගත්තේ මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකාවය. විශේෂයෙන්ම ගාල්ල Southlands බාලිකාව ආරම්භකල Lucy Vanderstraaten (1885) මෙනවියද, කොළඹ Musaeus College විදුහල ආරම්භකල Marie Musaeus Higgins (1891) මහත්මියද, කොළඹ විශාඛා විද්‍යාලය ආරම්භකල Celestina Dias (1917) මහත්මියද ඒ අතර වෙන බව Douglas Allen (1992) විසින් සංස්කරණයකල 'Religion and political conflict in South Asia' කෘතියේ එන 'Western Women Construct the Eastern Wife and Mother' රචනයට අනුව පෙනේ. විශේෂයෙන්ම A.D. Dixon (1917) මහත්මිය නිව්ස්ටෙඩ් බාලිකාවේ විදුහල්පතිනිය ලෙස පත්වනවිට නිව්ස්ටෙඩ් බාලිකාවේ කීර්තිය බොහෝ ලෙස ඉස්මතුව තිබු බවත් ඇය ලංකාවේ බොහෝ ප්‍රකට කාන්තා පාසැල්වල ත්‍යාග ප්‍රධාන උත්සව වලට නිතර ඇරයුම් ලැබු තැනැත්තියක් බවත් සදහන්ය.
1962දී ක්‍රිස්තියානි සහ කතෝලික සභාවන් විසින් පාලනයකල පාසැල් රජයට පවරාගැනීම රටේ වෙනත් ප්‍රදේශවල මෙන්ම මීගමුවේද සියළු කතෝලික සහ ක්‍රිස්තියානි පාසැල්වලට එල්ලවූ දැවැන්ත හානියක්විය. එමගින් විදේශ මිෂනාරි සේවාවන් සහ විවිධ ක්‍රිස්තියානි සභාවල ආධාරයෙන් පවත්වාගෙන ගිය පාසැල්වල නඩත්තුව සහ උන්නතිය රජයට පවරාගත්හ. එතැන් සිට රජයේ මැදිහත්වීම් සහ අරමුදල් ලැබෙන තරමට එම පාසැල්වල වර්ධනය ඉහල පහල යෑම තීරණයවිය.
ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනහිලා මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහල කෙතරම් උදාර සේවයක් ඉටුකර ඇද්දයත් යන්න විමසා බැලීමේදී පෙනීයනුවේ 1983 දී J.R. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් පත්කළ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ප්‍රථම කාන්තා උප කුලපතිනිය වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය විමලා ද සිල්වා මැතිනියද බිහිව ඇත්තේ මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලෙන් බවය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
04/09/16

ස්තූතියි ප්‍රියන්ත,
ReplyDeleteනිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය ගැන මේ තොරතුරු මෙතෙක් දැනගෙන සිටියේ නෑ. මගේ හොඳම මිතුරකුගේ බිරිඳ නිව්ස්ටඩ් ආදි ශිෂ්‍යාවක්. ඇය පවා මේ තොරතුරු දන්නවාදැයි මට සැකයි. අදම කතා කරල අහන්ට ඕනෙ....:)
Marcus Priyantha Perera: ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය >>>>> Download Now
Delete>>>>> Download Full
Marcus Priyantha Perera: ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය >>>>> Download LINK
>>>>> Download Now
Marcus Priyantha Perera: ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය >>>>> Download Full
>>>>> Download LINK kp
ස්තූතියි රවී !!!!
ReplyDeleteඅගනා ඓතිහාසික තොරතුරු එකතුවක්.
ReplyDeleteපරණ ගොඩනැගිලි ඉතිරිවෙලා නැද්ද?
ReplyDeleteමිෂන් හවුස් එක/හොස්ටල්/හෝම් සයන්ස් ගොඩනැගිලි ඉතා පැරැනියි. මිශන්හවුස් එක ලෝක උරුමයක්.
Delete@PraJay තියෙනවා , ඒ වගේම මෙහි කියැවෙන සියළු ගුණාංග අදටත් පවත්වා ගෙන යනවා. ඒ බොහොමයක් කටයුතු වලට කොච්චි ගේ මව විශාල කාර්‍යබාර්‍යක් ඉෂ්ට කරන්න වා
Deleteතවම තියෙනවා, මම ඒගැන විස්තරයක් පස්සේ ලියන්නම් !!
ReplyDeleteආදරණීය මතකයන් :D !!!!
ReplyDeleteJayawewa. ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteape scl 1 gana me widiyata nodanna dewal loketaam kiwwata godak thak sir. respect you. thank you so much!
ReplyDeleteඔබ කොයි කාලයේද නිව්ස්ටෙඩ් හිටියේ
Deleteස්තුතියි.
DeleteThanks !!!
ReplyDeleteJayawewa. ..
ReplyDeleteමම නිව්ස්ටෙඩ් ආදි ශිෂ්‍යාවක්.. ඔබ පැහැදිලි කරන ආකාරයට ම විටෙක අපි අපේ පාසල නමින් කතාකරනවා අඩු ද යන්න අපට ම පවා හිතුනු වාර අනන්තයි . නමුත් එහි පැහැදිලි හේතුවක් තිබෙනවා, අප පුරුදු පුහුණු කරවුයේ නිහතමානී , ස්වාධීන බාලිකාවන් ලෙසින්. මගේ මුළු පාසල් කාලය පුරාම විදුහල්පතිනිය ගරුR.M. සේනාරත්න මැතිණියයි.
ReplyDeleteමගේ පළමු පාසැල් දිනයේ ඇය මට දුන් ඔවදන වුයේ "ඔබ පාසලෙන් සමුගන්නා දා කෙනෙක් ඔබට ඔබේ පාසලේ , පියා ගේ හෝ ඔබේ සොයුරිය ගේ නමින් කතා කලොත් ඔබ නිව්ස්ටෙඩ් බාලිකාවක් ලෙස ජීවිතය දිනා නොගත් බවයි. උත්සාහවන්ත ව මෙහි රැදෙමින් අධ්‍යාපනය , විෂය බාහිර ක්‍රියාකාරකම් සේම යහපත් බාලිකාවක් වන්නට ඉගෙන ගන්න" - අදත් කිසිම තැනෙක "මං නිව්ටෙඩ්" කියන්න ට අප ඉක්මන් නොවන අතර "ඔබ නිව්ස්ටෙඩ් ද?" අසන ලෙස හැසිරෙන්නට ජීවිතය දිනා ඇත.
More Beyond ... ඔව් ඇත්තෙත් ම දියණිවරුන්, මව්වරුන්, ව්‍යවසායිකාවන් ලෙසින් දිරියෙන් ඉදිරියට යමින් සමාජය ට සෙත සදන්නියන් නිව්ස්ටෙඩ් බාලිකාවියන්..
බොහොමයක් කරුණු ආදී ශිෂ්‍යාවක් ලෙසින් මා ද නොදැන සිටි අතර මෙවැනි වටිනා ලිපියක් සම්පාදනය කිරීම වෙනුවෙන් ඔබතුමාට අපගේ ස්තූතී පූර්වක කෘතඥතාවය .
එරන්දි ඔය හරියටම කිව්වා.ඔයා වගේම මමත් නිව්ස්ටඩ් බාලිකාවක් විම ගැන හදවතින්ම සතුටු වනවා.නමුත් එ සතුට උඩ පැන පැන නොපෙන්නුවාට පාසල ලබාදුන් පන්නරය මා මෙහෙයවන බව මම විශ්වාස කරනවා.
ReplyDeleteමගේ පාසල ගැන ලියූ මාකස මහතාටත් ගොඩාක් ස්තුතියි.
Buddhika Erandi Jayasinghe ට සහ Nirosh ට ස්තුතියි. මම අදහස් කලේ රටේ ප්‍රධාන මාධ්‍යයන්, අධ්‍යාපනඥයින් නිව්ස්ටඩ් බාලිකාව ගැන මීට වඩා කථා කලයුතුයි, අවධානය යොමුකල යුතු බවයි. ඒ කෙසේවෙතත් ආදී ශිෂ්‍යාවන් ලෙස ඔබලාට එහි කෙරවල ඇති මීගමුව නගර සභාවේ පැරණි නාගරික ගොඩනැගිල්ල හෝ පැරණි මිෂන්හවුස් ගොඩනැගිල්ල හෝ ඒ දෙකම හරි නිව්ස්ටඩ් බාලිකාවේ ඉතිහාසය රටටම පෙන්වන් පුළුවන් ලෙස කෞතුකාගාරයක් ලෙස පරිවර්තනය කරන්න පුලුවන්නම් ඉතාම වටිනවා. මෙතෙක් මා එකතුකර ඇති තොරතුරු ආදිය එහිලා ලබාදීමට මම මටත් හැකියි.
ReplyDeleteA very interesting article. Thanks for the elucidating us on Newstead Girls College and on Negambo in your blog. Could we access the Wesleyan SOAS, Missionary Notices Vol I -Vol III, 1819-20) refereed in your articles > I like to read more
ReplyDeleteYes, you can.
ReplyDeleteගොඩක් ස්තූතියි සර් මගේ පාසල ගැන මේ විදිහට පැරණි විස්තර ඉදිරිපත් කලාට.වචනින් කියන්න අමාරුයි හිතට දැනෙන ගෞරවය ගැන. අදටත් හෙටටත් හැමදාටමත් මං ප්‍රාර්ථනා කරනවා ඒ ආදරණීය තෝතැන්න චිරාත් කාලයක් ආරක්ෂා වෙලා පවතින්න කියලා.
ReplyDeleteමගෙ පාසල ගැන හොද තොරතුරු එකතුවක්
ReplyDeleteමම
ReplyDeleteමම 1986 සිට 1999 අවසානය දක්වා මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ වාණිජ අංශයේ සේවය කළ ගූරු මහත්මියකි. දැන් මම විශ්‍රාමිකය. ඇත්තෙන්ම මෙම විද්‍යාලය වර්තමානයේ කිසිදු ආගම් භේදයකින් තොරව සෑම දැරියකටම තම තමන්ගේ ආගමික අධ්‍යාපනය ද ලබමින් සමානව අධ්‍යාපන කටයුතු කර ගැනීමට සැකසුණු තෝතැන්නකි. නිහතමානී, ගුණගරුක, උගත්, බුද්ධිමත් දරු.පිරිසක් ලොවට දායාද කරන කීර්තිමත් නාමයක් හිමි කර ගත් පාසලකි.
Deleteමම මෙම විද්‍යාලයේ සේවය කළ මුළු කාලය පූරාවටම එහි විදුහල්පතිනිය ලෙස සේවය කළේ ආර්.එම්.සේනාරත්න මහත්මියයි.ඇය නිතරම විද්‍යාලයේ දියුණුව,දැරියන්ගේ අධ්‍යාපනයේ දියූණුව, අපේක්ෂා කරමින් මුළු ගුරූමණ්ඩලය සමඟම සුහදව ඉතා කැපවීමෙන් කටයූතු කළ සිසු දැරියන්ට මෙන්ම ගූරු මණ්ඩලයට ද අම්මා කෙනෙකි.
මෙම විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳව දිගූ සටහනක් තැබූ ඔබතුමාට තූති.
පුළුවන් නමි මට ආදිශිිෂ සංගමයේ දුරකතන අංකයක් ලබා දෙන්න
ReplyDeleteMarcus Priyantha Perera: ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Marcus Priyantha Perera: ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය >>>>> Download LINK
>>>>> Download Now
Marcus Priyantha Perera: ලංකාවේ පැරණිම කාන්තා විදුහල මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විදුහලය >>>>> Download Full
>>>>> Download LINK