Sunday, 15 May 2016

තමිල්නාඩු මැතිවරණය සහ දෙමළ ජාතිකවාදය

තමිල්නාඩුවේ ප්‍රාන්ත සභා මැතිවරණය හෙට, එනම් මැයි 16වෙනිදාට යෙදේ. ඒ සමග දකුණු ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද දෙමළ ජනයා අතර දෙමළ ජාතිකත්වය පිළිබදව උනන්දුවක් ඇතිබව පෙන්වන ප්‍රකාශනවලට යම් මාධ්‍ය වටිනාකමක් ලැබී ඇති බවද පෙනේ. 

එහෙත් එලෙස ජාතිකත්වය පිළිබද කතිකාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය තුල  ඉස්මතුවූයේද? එය එසේ වූයේනම් ඒ කෙතෙක් දුරටදැයි යන්න විමසා බැලීමට මම වඩා උත්සුක විය.

එයට එක් හේතුවක්වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් නිතර ජයලලිතා, කරුණානිධි, වයිකෝ හෝ සීමන්ගේ ප්‍රකාශ මාරාන්තික ලෙස හුවා දැක්වීමය. අනෙක නම් ඉංග්‍රීසියෙන් Nationalism ලෙස හදුන්වන විෂය ක්ෂේත්‍ර පිලිබදව ඇති ශාස්ත්‍රීය සහ සමාජ ප්‍රවණතා ගැන ඇති මගේ උන්නදුවයි. Nationalism යන්න සිංහලෙන් ජාතිකත්වය ලෙස මෙන්ම ජාතිකවාදය, සහ ඇතැම්තැන්වල ජාතිවාදය ලෙසද හදුන්වන බව බොහොදුරට දැක ඇත්තෙමි.

කෙසේවුවද,  ඉංග්‍රීසියෙන් Nationalism ලෙස හදුන්වන විෂය ක්ෂේත්‍ර සිංහලට සම්බන්ධකර ගැනීමේදී භාවිතා කරනුයේ ජාතිකත්වයද, නැතිනම් ජාතිකවාදය එසේත් නැතිනම් ජාතිවාදය යන්න පිලිබදව සලකා බැලීමේදී මම සිතනුයේ කීර්ති ආරියදාස විසින් රචිත (2007) 'දේශපාලන විද්‍යාවේ ඉංග්‍රීසි-සිංහල වචන මාලාව' පොතේ දක්වන ලෙස Nationalism යන්න සදහා ජාතිකවාදය(පි.80) යන්න යොදාගැනීම උචිත බවයි. 

මෙවර තමිල්නාඩු මැතිවරණය තුල දෙමළ ජාතිකවාදයක් කෙතෙක් දුරට මතුවුයේද යන්න සාකච්ඡා කිරීමේ දී තමිල්නාඩුව තුල දෙමළ ජාතිකවාදය කෙතරම් මුල්බැසගෙන තිබේද යන්න පිලිබදවද සලකා බැලිය යුතුය. 

Jonathan Hearn (2006), Steve Grosby (2005), John Armstrong (1982), John Hutchinson (1987), Anthony D. Smith (1986), (1991), (1996), (2009), Ernest Renan (1996), මෙන්ම Walker Connor (1994) සහ Eric Hobsbawm (1992) ආදීන්ගේ ජාතිකත්වය පිළිබද ශාස්ත්‍රීය රචනාවල විශ්ලේෂණවන වාර්ගීක සහ ජාතික සුවිශේෂීතාවයන් සහිත වාර්ගික සහ ජාතික ලක්ෂණයන් පදනම්වන ජාතිකවාදී ව්‍යාපෘතින් තමිල්නාඩුවේ දියත්වනුයේ පෙරියර් හෙවත් Periyar E. V. Ramasamy (1879-1973)ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුලය. 

ඉන්දියාවේ  දෙවෙනි විශාලතම ආර්ථිකය මෙන්ම ජනග්‍රහනය අතින් 6වෙනි විශාලතම රාජ්‍යවන තමිල්නාඩුව තුල වෙසෙන අති විශාල බහුතරයක් වන දෙමළ ජනයා අතර තමන් එකම භාෂාවක් කථාකරන, එකම වාර්ගික සහ සංස්කෘතිකට, ඉතිහාසයකට සහ අනන්‍යතාවයකට අයත්,  එකම භූමියක විකාශනය වූ ඒක වාර්ගික පිරිසක්ය යන්න ගැන මුල් අදහස් ඉදිරිපත් කරන්නන් අතර (බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ අවසාන කාලයේදී) පෙරියර් හෙවත් Periyar E. V. Ramasamy (1879-1973)ට විශේෂ තැනක් හිමිවේ. ද්‍රවිඩ කසාගම් (Dravidar Kazhagam) පක්ෂය ආරම්භකල ඔහු හින්දි භාෂාවට එරෙහිව දෙමළ භාෂාව කතාකරන ජනයාගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම තුල දෙමළ ජනයා තුල වාර්ගික (ethnic) මෙන්ම ජාතිය (nation) පිළිබද හැගීම්ද වර්ධනය කිරීමට ඔහු සමත්විය. ඒ තුල ඔහු තමිල්නාඩුව තුල හිස එසවූ  නුතන දෙමළ ජාතිකවාදයේ අධිකතෘවරයෙක් බවට පත්විය. 

එහෙත් ඔහුගේ පෞද්ගලික සහ දේශපාලන දර්ශනයේ සීමාන්තික භාවයන් තුල පෙරියර්ගේ ප්‍රධාන නායකයෙකුවූ අන්නාර් (C. N. Annadurai) විසින් ඔහුගෙන් වෙනව පිහිටවූ ද්‍රවිඩ මුනෙන්තරම් කසාගම් (Dravida Munnetra Kazhagam/DMK) පක්ෂය 1969 දී කරුණානිධිගේ නායකත්වයෙන් තමිල්නාඩුවේ බලයට පත්වීමත් සමග දෙමළ ජාතිකත්වය පිළිබඳ අවධානයේ බොහොදුරට ප්‍රමුඛතාවය දිනාගැනීමට MDKට හැකිවිය. එහෙත් ඒ 1972 දී M. G. Ramachandran (M. G. R) කරුණානිධිගේ පක්ෂයෙන් ඉවත්ව All India Anna Dravida Munnetra Kazhagam (AIADMK) පිහිටුවාගැනීම දක්වා පමණි. ඉන් අනතුරුව තමිල්නාඩුවේ දෙමළ ජාතිකත්වය පිළිබඳ ව්‍යාපෘතිය පිලිබදවූ අවධානය දෙකට බෙදීයන ලදී. අද AIADMKයේ නායකත්වය දරනුයේ ජයලලිතාය. 1969 සිට තමිල්නාඩුව පාලනය කරනුයේ මෙම DMK සහ AIADMK පක්ෂ දෙකවන අතර ඔවුන් පෙරියර්ගේ 'ද්‍රවිඩ නාඩු' සංකල්පයෙන් සම්පුර්ණයේන්ම වෙන්ව ගොස් තිබේ. ඒවෙනුවට ඉන්දියානු පෙඩරල් රාජ්‍යතුල යම් ස්වාධීනත්වයක් මෙන්ම විශාල දේශපාලන බලයක්ද, සිය භාෂා, වාර්ගික, භූගෝලීය, සංස්කෘතික සහ ඉතිහාස අනන්‍යතාවයට යම් තැනක්ද දිනාගෙන ඇත. අද ඔවුන් සිය දේශපාලන ජීවිතය තුල වරින්වර මතුකරමින්, ඔපදමින් සිටින දෙමළ ජාතිකත්වය ඒ ආකාරයට ඉන්දියානු සන්ධීය රාජ්‍ය තුල නිදන්ගතවූ ජාතිකත්වයකි. මේ තත්වය තුල වෙනම රාජ්‍යකින් තොරවවූවද, සන්ධීය ජාතික රාජ්‍යයක් තුල වාර්ගික මෙන්ම ජාතික අනන්‍යතාවයත්  සහිතව යම් ස්වාධීනත්වයත් පවත්වාගෙනයෑමට හැකියැයි ඔවුන් ප්‍රදර්ශනය කරමින් සිටී.

මෙයට සමකාලීනව චෙල්වනායගම්ගේ පෙඩරල් පක්ෂය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ භාෂා, ඉඩම් සහ ආරක්ෂාව යන ප්‍රශ්න මුල්කරගත් දෙමළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියක් දියත් කළේය. පසුව එම ව්‍යාපෘතිය වඩා ශක්තිමත්ව, පෙරයර්ගේ ද්‍රවිඩ නාඩු සිහිනය මෙන් මිලියන ගණනක දෙමළ ජනයාට වෙනම ද්‍රවිඩ රාජ්‍යක් පිළිබද සිහිනය සැබෑ කිරීමට මෙන් ප්‍රභාකරන් ක්‍රියාත්මකවිය. එහෙත්, චෙල්වනායගම්ට හෝ ප්‍රභාකරන්ට,  කරුණානිධි හෝ ජයලලිතා හෝ MGR හෝ පෙරියර්ලා හෝ පරයමින් තමිල්නාඩුවේද, ලංකාවේද, සමස්ථ ලෝකවාසී දෙමළ ප්‍රජාවටමද නායකත්වය දියහැකි දෙමළ ජාතිකවාදී නායකයන්වීමට නොහැකිවිය. නැතහොත් ඔවුන්ගේ දෙමළ ජාතිකවාදයට ලැබුනේ අඩු පිළිගැනීමකි. චෙල්වනායගම් මෙන්ම ප්‍රභාකරන්ද  තමිල්නාඩු දෙමළ නායකත්වය යටතේ දියත්වීම ප්‍රතික්ෂේපකල අතර සමස්ථ ලෝකවාසී දෙමළ ප්‍රජාවටම ජාතිකවාදී නායකත්වයක්දීම වෙනුවට  සිය අරගලයට පමණක් සීමාවිය.  ලෝකවාසී දෙමළ ප්‍රජාව සිය අරගලය තුල ඔවුන්වටා කොන්දේසිවිරහිතව රොක්වීම ඔවුන් අපේක්ෂා  කළේය. මෙම තත්වය තුල A.Jeyartnam Wilson (2000) ආදීන් ලාංකීය දෙමළ ජාතිකවාදී ව්‍යාපෘතිය උප-ජාතිකවාදී ව්‍යාපෘතියක් ලෙස (Sri Lankan Tamil sub-nationalism) හදුන්වාදෙනු ලැබේ. 

මේ අනුව පෙනීයනුවේ වරින්වරට දෙමළ ජනයාගේ ප්‍රශ්න පිලිබදව මාරාන්තික ප්‍රකාශ දියත්කලද තමිල්නාඩුවේ දෙමළ ජාතිකවාදී ව්‍යාපෘතිය කරුණානිධිගේ සහ ජයලලිතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී  ව්‍යාපෘතියට පරිබාහිරින් පිහිටි ඉන්දියානු සන්ධීය ජාතික රාජ්‍යය තුල සිය ජාතික, වාර්ගික සහ සංස්කෘතික අනන්‍යතාවයත්  පවත්වාගෙන යාමට ඉතා කැමති යම්ආකාරයක සෞම්‍ය  ව්‍යාපෘතියක් වන බවය.

ඔවුන් තම තමන්ගේ සොරකම් ගැන මෙන්ම දේවත්වයන් ආරෝපණය කරගත් චාරිත ගැන මෙම මැතිවරණයේදී වඩා වැඩි අවධානයක් යොමුවන කරවන නමුදු දෙමළ ජනයාගේ දෙමළ ජාතිකත්වය ගැන, ද්‍රවිඩ නාඩු ගැන, මිලියන සීයකට වැඩි ලෝකවාසී දෙමළ ජනයාට වෙනම රටක් අවශ්‍යද? නැත්ද? යන්න ගැන ජයලලිතා, කරුණානිධි හෝ විජයකාන්තන් යන ප්‍රධාන තරගකරුවන්ගේ පාර්ශවවලින් එතරම් නොඇසේ. 

එහෙත් සටනට පිවිස සිටින තවත් නළුවෙක් වන (Benedict Anderson (1991) ඉදිරිපත්කරන 'print capitalism' නම් සංකල්පය තමිල්නාඩු දේශපාලනයට අදාලවනම්  විකාශනය වී ඇත්තේ 'cinema capitalism' ලෙසයැයි පෙනේ) සීමන් විසින් නායකත්වය දෙන 'Naam Tamilar Katchi /අපි දෙමළ පක්ෂය' තමිල්නාඩු දේශපාලනයේ ප්‍රධාන විභවය නොවී කලින්කලට පමණක් ඉස්මතුවෙන දෙමළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට පනපොවමින් සිටී. ඔහු දෙමළ ජනයා ඉන්දියානු ජාතික රාජ්‍යයෙන් මිදී වෙනමම ජාතික රාජ්‍යක් විය යුතුයැයි යෝජනාකරයි. එයට ලංකාවේ උතුරු නැගෙනහිරද අයත් බව දක්වයි. ලන්ඩනයේ පමණක් නොව වෙනත් රටවල ද්‍රවිඩ ප්‍රජාව අතරින්ද ආධාර එකතු කරමින් සිටී. මැතිවරණයෙන් අනතුරුවද ද්‍රවිඩ ජාතිකවාදී ව්‍යාපෘතියට නායකත්වය දෙනබව දක්වයි. ජාතිවාදී, වර්ගවාදී උදාන වාක්‍යයන් මගින් දෙමළ ජාතිකත්වය ආමන්ත්‍රණය කරන ඔහු ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටද එකවිට අනතුරු ඇගවීම්න් කරමින් සිටී. 

සෙසු පක්ෂ මෙන් නොව තමිල්නාඩුවේ ආසන 234ටම තනිවම තරගකරන ඔහුගේ පක්ෂය තමිල්නාඩුවේ සෙසු සෑම දේශපාලන පක්ෂයකටම වඩා නුතනවාදීය. අනෙක් පක්ෂ මෙන් දේවවාදී, වැඩවසම්වාදී, කුලවාදී හෝ ගෝත්‍රික වැදුම්, පිදුම්වලින් මිදී සිටී.  ඔහුගේ පක්ෂයට කෙතරම් චන්ද ප්‍රමාණයක් හිමිවන්නේද ? ඔහු අඩුම වශයෙන් ආසන කිහිපයක් හෝ දිනාගන්නේද ?යන්න තමිල්නාඩු මැතිවරණය තුල දෙමළ ජාතිකවාදයට හිමි තැන නීර්ණය කරන යම්  ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයක් වනු ඇත. එමෙන්ම අනියමින් එය තමිල්නාඩු දේශපාලනය තුල ප්‍රභාකරන්ට හිමි සංකේතාත්මක වටිනාකමද ප්‍රකාශකරනු ඇත. මන්දයත්, සීමන්ගේ (Naam Tamilar Katchi) 'අපි දෙමළ පක්ෂය' පක්ෂයේ ප්‍රචාරක දැන්වීම් තුල ප්‍රභාකරන් නොමැති එකදු පෝස්ටරයක් හෝ නොමැති තරම් නිසාය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
15/05/2016

4 comments:

  1. මට හිතෙනවා මේ පාර තමිල්නාඩුවේ අමුතු වෙනසක් වෙයි කියලා. වෙනදට දෙකට බෙදෙන ඡන්ද මෙදා කිහිපයකට බෙදෙනවා. නාම් තමිලර් පක්ෂයේ අපේක්ෂකයින් බොහෝමයක් උගත් තරුනයින් බව කියවෙනවා. දිල්ලියේ ආම් ආද්මි පක්ශය ජයගත්තේත් ඔවැනි වටපිටාවක බව මතකයි. සීමන්ගේ ජයග්‍රහනයක් වෙතොත් ලංකාවට එය වෙනදාට වඩා බලපෑමක් වෙයි කියා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සීමන් තමිල්නාඩුව තුල දේශපාලන ප්‍රවේශයක් ගොඩනගා ගනිමින් සිටිනවා. ඔහුගේ ඉදිරි දේශපාලනට කෙතරම් ඉඩ තිබේද යන්න මෙම මැතිවරණයෙන් හෙළිවේවි. එය පැහැදිලිවම ඉන්දියාවට මෙන්ම ලංකාවටද තර්ජනයක්. අපේ රටේ ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය සකසාගත යුත්තේ මෙවැනි තර්ජන සහ අනතුරු පිලිබදව පුළුල් අවබෝදයකිනුයි. නැතිව ඒගැන අවතක්සේරුවකින්වත්, අපි ගැන අධිතක්සේරුවකින්වත් නොවේ. පැහැදිලිවම සීමන් ආමන්ත්‍රණය කරන දේශපාලන කරුණු සහ ඔහුවටා රොක්වන පිරිස්වට යම් පදනමක් ගොඩනගාගැනීමට හැකිවුනොත් එය තමිල්නාඩුවේ විශාල දේශපාලනයක් කවදා හෝ සිදුකරනු ඇත.

      Delete
  2. ලංකාවේ දෙමළ ජනකොටස සංස්කෘතික වශයෙන් තමිල්නාඩුව මත යැපෙන කොටසක්. ඒ වගේම දේශපාලනිකව බ්‍රිතාන්‍ය මත යැපෙන පිරිසක්.
    ඉතින් ලංකාවේ දෙමළ ජාති වාදය පරාජය කිරීමට නම්.

    1. ලංකා දෙමළාගේ ඔලුවට, ඌ සිංහලයා සහ තමිල්නාඩුවා යන දෙදෙනාටම වඩා ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට මතයක් ඇතුළුකර තමිල්නාඩුවෙන් වෙන්කල යුතුයි.
    2. ජෝර්ජ් වොශින්ටන් යුගයේ මෙන් බ්‍රිතාන්‍ය ඇමරිකා මතභේද ඇතිවුනොත් සිංහලයන්ට වාසියි. නමුත් ඊට වඩා ප්‍රායෝගික විසඳුම වන්නේ හින්දු දෙමළු අතින් ක්‍රිස්තියානි දෙමළු කිහිපදෙනෙක් ඝාතනය වීම, කතෝලික පල්ලි කිහිපයක් ගිනිබත්වීම, කන්‍යා සහෝදරියන් කීපදෙනෙක් දූෂණය කිරීම වැනි දේ සිද්ධ කිරීමයි. එවිට දෙමළ ඩයස්පෝරාව පලස්තීන ඩයස්පෝරාවටත් වඩා බලු කල හැකියි.

    සීතල යුද්ධය පැවති කල ඇැමරිකානු ප්‍රතිපත්තිය වූයේ කෙසේ හෝ සමාජවාදය අවසන් කිරීමයි. නැතුව සමාජවාදය හොඳද නරකද වගේ දේවල් එතරම් වැදගත් නෑ. ඒ වගේම ශ්‍රීලාංකික ජාතික වාදියාගේ එකම සිහිනය වියයුත්තේ දෙමළ ජාතිවාදය පරාජය කිරීමයි. දෙමළු හොඳද, නරකද වගේ දේ වැදගත් නෑ.

    ReplyDelete
    Replies
    1. ජගත් ඔබේ අදහස් දෙසබැලීමේදී පෙනීයනුවේ දෙමළ මෙන්ම ඔබ පෙනීසිටන මතවාදී පාර්ශවයද එක සමානවම කෲර බවයි. එහින් මනුෂත්වය වෙනුවෙන් ඒ දෙකම පරාජය කලයුතුයි නේද ?

      Delete