'සර්' යන්න තත්කාලීන සිංහලෙහි යෙදෙන අසිංහල පදයකි. සංශයාර්ථ, සහාර්ථ සහ සීමාර්ථ යනු සිංහල භාෂාවේ යෙදෙන අව්‍යය පද විශේෂයකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ e-තක්සලාවට අනුව නිපාත සහ උපසර්ග වලින් සමන්විත අව්‍යය පද අතර සහාර්ථයෙහි නිපාත යනු පද සම්බන්ධ කිරීම සදහා යෙදෙන නිපාතයකි. සංශයාර්ථ යනු සැක සහිත බව ප්‍රකාශ කිරීමෙහිලා යෙදෙන නිපාතයකි. සීමාව හැඟවීමේ දී යෙදෙන නිපාත සීමාර්ථයෙහි නිපාතය ය. 'සර්' යන්න නිපාතයක්වත් සිංහල පදයක් හෝ යෙදුමක්වත් නොවේ. එහෙත් 'සර්' යනු සිංහල මහැදුරන් පවා අති මහත් ප්‍රීතියකින් ඉපිල යන අසිංහල ගෞරවාර්ථ හැගවුමකි. එහින් ඒ මහා ඇදුරෝ 'සර්' යන්න ප්‍රශ්න නොකරති. ඔවුහු යටත්විජිතවාදය ගැන ශාස්ත්‍රීය අධ්‍යනයන්ගෙන් සහ අවබෝධයකින් පසුවන්නන්වුවද 'සර්' යන්න ප්‍රශ්න කිරීම වෙනුවට උජාරුවෙන් බාරගනිති. එයින් වින්දයක් ලබති. තමන්ට හෝ තම පරම්පරාවේ වෙනකෙකුට අත්කර නොහැකිවූ අපූර්වත්වයක්, තත්වයක් සහ අභිමානයක් 'සර්' යන්න තුල තමන්ට උරුමවී ඇතැයි ඔවුහු සිතති. වසර ගණනාවක සිය අධ්‍යයන පරිශ්‍රමයන්ගේ සහ වෘත්තීය නිපුනත්වයේ මහගු පලය 'සර්' යන්න තුල ගැබ්ව තමන් වෙත සම්ප්‍රාප්තව ඇතැයි ඔවුහු උපකල්පනය කරති. 'සර්' යනුවෙන් කවුරුන් හෝ ඔවුන්ව අමතන සෑම වාරයකම ඔවුන් පොත්පත්වල කියවූ, චිත්‍රපටි සහ ටෙලිනාට්‍යවලින් දක්නා ලද යටත්විජිත 'මාස්ටර් සර්' ව තමා තුලින්ද අනෙකුන් දැක ඇතැයි ඔවුන් සිතති.
ඔවුන් පමණක් නොව, තම මාතෘ භූමියේ උදාර ශිෂ්ටාචාරය, සභ්‍යත්වය, ජාතිය සහ ජාතිකත්වය විනාෂ කලායැයි සුද්දාට උදේ හවස දෙස්දෙවොල් දෙන ජාතිමාපක, දේශමාපක ඇත්තන් පවා කවුරුන් හෝ තම තමන්ට 'සර්' කියනවාට විරුද්ධ නැත. 'සර්' යැයි යනුවෙන් තමන් අමතන්නෝ අධිරාජ්‍යය ගැත්තෝ හෝ කළු සුද්දෝ යැයි පෙරළා විචාරන්නේ නැත එහිලා මම 'සර්' වී ඔබ 'සර්' නොවෙන්නේ කෙසේදැයි පෙරළා තපුල්ලන්නේ නැත. ඒ වෙනුවට ඔවුහුද 'සර්' යන්න මැදිහත් සිතින් බාරගනී.
වෙනෙකක් තබා සමාජ දේශපාලන සාධාරණත්වය වෙනුවෙන් සිය තරුණකාලයම කැපකල වාම සමාජ දේශපාලන ක්‍රියාකාරීන් විසින් පසුකාලීනව ගොඩනගාගත් මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධානවල සේවයකරන සෙසු සහෝදර ක්‍රියාකාරීන්ට තම තමන්ව 'සර්' ලා ලෙස ආමන්ත්‍රණය කරන ලෙසත්, සෙස්සන්ටද ඔවුන්ව එසේ හදුන්වාදෙන ලෙසත් සිය ආයතනවල නිර්දේශකර තිබේ. සිය සහෝදර ක්‍රියාකාරීන් ඔවුන්ට 'සර්' යැයි කියා ආමන්ත්‍රණය කරන සෑම විටම ඔවුහු සාර්ව (tsar) පරදවා විප්ලවය සිදුකලා බදු විප්ලවීය ජීවගුණයකින් ඉපිලීයති. එසේම සිය දුක් අදෝනා, කෙළවරක් නැති කරදර කම්කටොලු තමන් වෙත රැගෙන එන පීඩිතයන්ද ඔවුන්ට 'සර්' ලෙස අමතන කල්හි ඔවුහු එයට විරුද්ධ නොවෙති. ඒවෙනුවට ඔවුන් එම ජනයා කෙරෙහි දායා අනුකම්පාවෙන් සිය හදවත් තෙත්කර ගනිති. සිදුව ඇත්තේ පීඩිතයන් ඉදිරියෙහි තමා 'මාස්ටර් සර්' බවට පත්වීම බව ඔවුන් තේරුම් නොගනිති. තේරුම්කර දුන්නද 'එහෙම 'හයරාකි' (hierarchy) එකක් නැතිව මෙහෙ වැඩකරන්න බැහැ බන්' යැයි කියයි.
කථාව ඇත්තවිය හැක. එහිම ඉදිමින් එදිනෙදා ජීවිතයේ විවිධ හැලහැප්පීම් සමග ගැටෙමින් අද ද සමාජ දේශපාලන වෙනසක් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවෙන ඔවුන්ට අපි එංගලන්තයේ සිට පැමිණ කියන දෑ ප්‍රායෝගික නොවන හෝ අදාල නොවන දෑය.
සුද්දා ලංකාව ඇතුළු යටත්විජිත පාලනය කරන සමයේදී ලංකාවේ මෙන්ම එංගලන්තයේද 'සර්' ලා ඒමට සිට ඇත. ඒ අද මෙන් බඩුවක් මුට්ටුවක් ගන්නට සුපර්මාර්කට් එකකට හෝ, කෑමක් බීමක් කන්නට රෙස්ටුරෙන්ට් එකකට හෝ ආයතන මට්ටමින් සේවයක් අපේක්ෂාවෙන් යම් ආයතනයකට ගිය කල්හි ඕනෑම කෙනෙකුව පිළිගැනීම සදහා භාවිතා කරන 'සර්' යන්න නොව රජුගෙන්/රැජිනගෙන් නම්බුනාම පට්ටම් ලැබු 'සර්' ලාය. 12 වන සියවසේදී Knightවරුන් හැදින්වූ Sir යන්න 16 වෙනි සියවසේදී පාසැල් මට්ටමේ ගුරුවරු සදහාද 19වන සියවසේදී රජගෙන්/රැජිනගෙන් ලැබෙන නම්බුනාමයක් ලෙසද භාවිතාවිය. අද ද එවන්නන් ඇතිමුත් එදිනෙදා ජීවිතයේදී තවදුරටත් 'සර්' ලා යන්න විශේෂ හැදින්වීමක් ලෙස නොසලකයි. 'සර්' (sir) යන්න විශේෂ ගෞරවාර්ථ හැදින්වීමක් ලෙස සලකනුයේ එය ලෝඩ් (Lord) යන්න සමග භාවිතාකලවිට පමණි. නැතිනම් සර්, මිස්, මැඩම් යන්න ව්‍යාපාරිකයින් පාරිභෝගිකයන් හැදින්වීම සදහා පමණක් නොව පොලිසිය, හමුදාව සහ වෙනත් ආයතනවල වල සේවයේ නියුක්ත අයද, දේශපාලකයින් සහ නඩුකාරයන්ද මහජනයාගෙන් කවරෙකු හෝ ආමන්ත්‍රණය කිරීමට භාවිතා කරන පොදු ගෞරවාර්ථ පදයක් පමණි.
එහෙත් sir යන්න දැන් යල්පැනගිය, හුදු, ව්‍යාජ, ප්‍රෝඩාකාරී ගෞරවාර්ථයක් බව මහජනයා දනී. විශේෂයෙන් Monty Python සහ Only fools and Horses වැනි ඉතා ජනප්‍රිය විකට චිත්‍රපට සහ නාට්‍ය මාලාවලින් පසු එංගලන්තයේ සර් වැනි ගෞරවාර්ථ පදවල සාරයක් නොමැති බව මහජනයා අතර මුල්බැසගෙන ඇති පොදු පිළිගැනීමකි. ඒ වෙනුවට ඔවුහු තම තමන්ව සිය නමින්ම හැදින්වීම ප්‍රිය කරති. එහි හුදු ප්‍රෝඩාකාරී හැගවුම් නොමැති බව ඔවුන් හොදින් දනිති. එමෙන්ම පොලිස් නිලධාරියෙක් හෝ වෙනත් නිලධාරියෙක්ව හැදින්වීම සදහා ගෞරවාර්ථයක් ලෙස officer යන්න යොදාගනී. උසාවියක් තුල නඩුකාරයාව හැදින්වීමට my lord යන්න භාවිතාකලද එළියේදී ඔවුන්ව හදුන්වන්නේ නඩුකාරයා (Judge) ලෙස පමණි. තනතුරු දරන බොහෝ දෙනෙකු තනතුරේ නමින්ම හදුන්වති. මෙහි පාසැල්වල පවා දැන් සර්ලා, මිස්ලා, මැඩම්ලා නැත. ගුරුවරු ගුරුවරින් හදුන්වන්නේ ඔවුන්ගේ නම්වල වාසගමේ මුලට Mr. / Mrs / Miss යන යෙදුම සමගිනි. කුඩා කල සිටම දරුවන් සිය ගුරුවර ගුරුවරියන් Mr / Mrs / Miss යන්න සමග යෙදෙන වාසගම සමග ඇමතීමට පුරුදුපුහුණුවේ.
'සර්' ලා බිහිවූ සුද්දාගේ රටේ තත්වය එසේවුවද අපේ රටවල තත්වය එසේ නොවේ. අපේ රටේ දරුවන් international ස්කෝලෙකට ගියද එහි ගුරුවරු ගුරුවරින්ව Mr / Mrs / Miss යන්න සමග ඔවුන්ගේ වාසමින් ඇමතීමට ඉඩක් නැත. තත්වය වඩා දරුනුවෙන්නේ ජාතිය, ආගම මුල් කරගත් පාසල්වලය. එහි සර්ලා, මිස්ලා පමණක් නොව මැඩම්ලාද එමටය. ගුරුතුමා, ගුරුතුමී, ගුරු භවතුන් ආදීන් ඇත්තේ පාසැල් පෙළපොතේ පමණි. ගුරු වෘත්තියේ පමණක් නොව වෙනත් බොහෝ වෘත්තීන්ගේ ගරුත්වය රැදී ඇත්තේ සර්, මිස් මැඩම් ආදී කෑලි තුලය. එකී කෑලී නැතිව ආමන්ත්‍රණය කර ඔවුන්ගේ සුදුසුකම් උරගා බැලිය හැක.
මේ සියල්ල ගැන කථාකිරීමට සිදුවුයේ මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට 'සර්' කියන්න යැයි කියන දැන්වීමක් ගැන කථාවක් සමාජ මාධ්‍යවල සාකච්ඡාවට ලක්වූ නිසාය. එහෙත් එය බුකියේ තවත් එක් මාතෘකාවක් පමණක්විය. මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට අන් අයලවා 'සර්' කියවා ගන්නට ඇති උවමනාව කුමක්ද? සුද්දාගේ පාලනය පමණක් නොව සුද්දා හැදු පාරවල්වල නාම පුවරු පවා ගලවා විසිකල ලංකාව ඉන්දියාව වැනි රටවල තවදුරත් සර් යන්න ඉතුරුවී ඇත්තේ ඇයි? 'සර්' යන්න තුල හගවන්නේ කුමක්ද? එයින් ප්‍රකාශවන දෑ කුමක්ද? ඉන් ලබන ආත්ම තෘප්තිය කවරාකාරද? කොටින්ම සර් යන්න තවදුරත් හුදු ගෞරවාර්ථ පදයක් පමණද? නැතහොත් ඉන් එහා ගිය අර්ථ සන්නායකයක්ද? යන්න පිලිබදවවූ සාකච්ඡාවක් බවට සර් කතිකාව දිගු කිරීමට සමාජ මාධ්‍යවල වැඩවාසය කරන සර්ලා උන්නදු නොවන ලදී.

සර් කතාව හුදෙක් මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණක් ඉලක්ක කරගත් හුදු විරෝධාකල්ප ප්‍රකාශණයන්ට පමණක් සීමාවූ තවත් facebook සබන් බෝලයක් පමණක් විය. එහෙත් ඇත්තවශයෙන්ම මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණක් නොවන වෙනත් සියලු දේශපාලකයන්ද, නිලධාරින් සහ කිසියම්ම හෝ තනතුරක් දරන්නන්ද ඔවුන්ට සර් හෝ මැඩම් ලෙස ආමන්ත්‍රණය කිරීමට ඉල්ලා සිටින බවක් හෝ එසේ කීම අපේක්ෂා කරන බවක් සමාජයට රහසක් නොවේ. සර් හෝ මැඩම් කීමෙන් තොරව ඔවුන්ගෙන් කිසියම්ම හෝ රාජකාරියක් ඉටුකරගත නොහැකි බවද සමාජය දනී. එහෙත් ප්‍රශ්නය වන්නේ එසේ දන්නා සමාජයක් මහරගම සභාපතිවරයා තමාට සර් කියන්න යැයි කීම පමණක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්නය.
එය එක්තරා ආකාරයකින් මහරගම සභාපතිවරයා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන දේශපාලන ප්‍රවාහය තුල ඉදිරියට පැමිණ ඇත්තේ මෙවැනි පුද්ගලයන්ය, රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවේ දේශපාලනය නායකත්වය දෙන්නේ මෙවැනි පුද්ගලයන්ට යැයි යන අදහසක් පමණක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මකවිය.
අනෙක් අතට යම් අධ්‍යාපනයක් ඇති හෝ නැති, යම් සමාජ පදනමක් ඇති හෝ නැති, එහෙත් මෙතෙක් ලාංකීය සමාජ-දේශපාලන අවකාශය තුල, යම් ඉඩක් නොලද, යම් ආකාරයක ආන්තික කරණයකට ලක්වූ සමාජ කොටස් විසින් ගොඩනගා ගන්නා සමාජ දේශපාලන සංකේත වටිනාකම් හෙලා දැකීම ඉලක්කකර ගත් වෙනත් ආකාරය 'සර්ලා' සහ 'සර්ලා නොවන වෙනත් සර්ලා' අතර ඇතිවන ප්‍රභූ - නිර්ප්‍රභූ ගැටුමක්ද යන්නද සලකා බැලිය යුතුය. මේ තත්වය, තමාට වඩා අනෙකා උසස්වන්නේ කෙසේද? තමා අනෙකාට වඩා උසස් වෙන්නේ කෙසේද? යන්න ගැන දගදරණ අභ්‍යන්තරයෙන්ම කුණුවූ සමාජයක නිතැතින්ම මතුවෙන තත්වයකි. එවැනි සමාජයක සමාජ දේශපාලන ප්‍රවාහය ප්‍රවර්ධනය කරනුයේද, නියෝජනය කරනුයේද, මෙකී ගැටුමේ පංගුකරයන්නය. අවාසනාවකට, කිසිදු බලයක් නොමැති පීඩිතයන් ප්‍රභූන්ට මෙන්ම නිර්ප්‍රභූ සර්ලාට බාල්දුවෙමින් සිටී.

සමාජයේ විවිධ තීරුවලින් පැමිණ කිසියම් අධ්‍යාපනයක් සහ ප්‍රාගුණ්‍යයක් ඇතිව හෝ නැතිව, යම් ආකාරයක සමාජ, දේශපාලන නායකත්වයන් සහ තනතුරු හිමි කරගන්නා මෙකී ප්‍රභූ-නිර්ප්‍රභූ සර්ලා සමාජයේ අනෙකා මත සිය ආධිපත්‍ය පිහිටවීමට උපයෝගී කරගන්නේ සිය තනතුර බව සියල්ලෝම දනී. එහෙත් එකී තනතුරුවල අදාලත්වය ඇත්තේ ඔවුන් අදාල ආයතන පරිශ්‍රයන්ට අදාලව පමණක් බවත්, අදාල ආයතන පරිශ්‍රයෙන් හෝ නිල ඇදුමෙන් නොසිටින සෑමවිටම ඔවුන් සමාජයේ තවත් පුද්ගයෙක් පමණක් බවත් අපි තේරුම් නොගන්නේ ඇයි? එසේ වීනම් අදාල ආයතනයෙන් පිට, අදාල නිල ඇදුමෙන් පිට සර්ලාට පැවැත්මක් නැත. මුලික වශයෙන් අවබෝධකරගත යුත්තේ සර් යන්නෙහි බලය ඇත්තේ අදාල සර් ලා අදාල ආයතනය තුල සිටින කාලය තුල හෝ නිල ඇදුමක් ඇද සිටින මොහොතේ පමණි. ඉන් පිටත ඔවුන් නිකම්ම නිකන් පුද්ගලයන් පමණි. අපේ සමාජය ශක්තිමත්ව ඒබව අවබෝධ කරගන්නේ කුමන මොහොතකද, ඒ වෙනුවෙන් එක්සත් ක්‍රියාමාර්ගයක් ගැනීමට රොක්වෙන්නේ කුමන මොහොතකද, සර් ලාට ඉන් එහාට ආධිපත්‍ය පැතිරවිය නොහැක.
එහෙත්, 'සර්' යන්නෙහි ඇති සංකේතීය බලය එයින් අහෝසි නොවේ.
'සර්' යන්නෙහි ඇති බලය, ව්‍යුහය සහ ආධිපත්‍ය අහෝසි කිරීමට නම් 'සර්' යන්න සිංහල භාෂාවට අන්තර්ග්‍රහණය කල යුතුය. 'සර්' යන්නෙහි බලය ඇත්තේ එය සිංහල භාෂාවට, එහි ව්‍යාකරණ රීතිවලට පිටින් විගලිත්ව, ආගන්තුකව සහ එහෙත් වෙනත් භාෂා සන්ධර්භයක් තුල බලය මවා පාමින් පවතින තාක්කල් පමණි. සර් යන්න සිංහල භාෂාවට සහ එහි ව්‍යාකරණ රීති යටතට අදාල වෙන්නේ කවදාද ඉන් පිටත සර් යන්නට බලයක් හෝ පැවැත්මක් නොපවතිනු ඇත. එය ලොකු කථාවක් බව මා මෙන්ම දනී.
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/08/2018