නීලා වික්‍රමසිංහ ගායිකාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් 'ගහලා හරි බලය ගන්නැත්තේ ඇයි ?' දැයි විමසු බව මම පුවත් වාර්තාවල කියවූවෙමි. එය මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට ඇයට ඇති උවමනාව කියා පායි. ඇය කැමති දේශපාලනයක නිරත වීමට ඇයට අයිතියක් ඇත. එහෙත් නිසොල්මන්ව, තැම්පත් ලෙස ගීත ගායනා කරන, අගනුවර විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක්, සංගීත විශාරදියක් සහ කලාකාරිනියක් ලෙස ගරුබුහුමන් ලබන නීලා වික්‍රමසිංහ එවැනි ප්රචණ්ඩ දේශපාලන යොමුවක් දෙස ගමන් කිරීම පුදුම සහගත තත්වයක් ලෙස පෙනීයාහැක. එහෙත් එහි පුදුමයක් නැති බව තරමක් දුරට ඇයගේ භාවිතය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යයි.
ඇය ශ්‍රී ලංකිකයන් අතර ගායිකාවක් ලෙස ඉස්මතුවන්නේ 1983 දී රුපවාහි ප්‍රසංගීක වැඩ සටහනකට Super Star සංගීත කණ්ඩායම සමග වේග රිද්මයට 'මාස්ටර් සර්' ගීතය ගායනා කරමිනි. එදා මෙදා තුර ඇය ජනප්‍රිය වෙන්නේ මෙම ගීතයත් 'රන්ටිකිරි සිනා ගීතයත්' ශ්‍රී ලංකිකයන්ගේ හදවත් තුල තැම්පත් කරමිනි. කොටින්ම ඇය සිය ඒක පුද්ගල ගී ප්‍රසංගය නම් කරනුයේද 'මාස්ටර් සර්' නමිනි. එහෙත් 'රන්ටිකිරි සිනා' ගීතයත්වත්, 'මාස්ටර් සර්' ගීතයවත් ඇයගේ ගීතයන් නොවේ.
'රන්ටිකිරි සිනා' ගීතය මුලින්ම ගායනා කරනු ලබන්නේ එවකට බම්බලපිටිය ශුද්ධවු පවුලේ බාලිකා කන්‍යාරාමයේ 13 හැවිරිදි සිසුවියක්වූ නිරාශා පෙරේරා සහ වික්ටර් සිල්වා නම් ගණකාදීකරුවෙක් විසින් සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර (1980) චිත්‍රපටියටය. 'මාස්ටර් සර්' ගීතය මුලින්ම සිංහලෙන් ගායනා කලේ මීගමුවේන් බිහිවූ විශිෂ්ට ගායකයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු විසිනි. ඒ 1974 දී නිර්මාණය කල කළුදිය දහර චිත්‍රපටියට පෙරය. නිමල් මෙන්ඩිස් මුලින්ම ඉංග්‍රීසියෙන් නිර්මානය කර ඔහු ගැයූ "Master Sir" සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ කරුනාරත්න අබේසේකර විසින් වන අතර එය මුලින්ම සිංහලෙන් ගයා තිබුනේ නෙවිල් ප්‍රනාන්දුය. බොහෝ ගායක, ගායිකාවන් කලඑලි බසින්නේ වෙනත් ගායක, ගායිකාවන්ගේ ගීත ගයමින් බව මම දනිමි. එමෙන්ම එසේ කලඑලි බසින ගායක ගායිකාවන් තමා ගැයූ ගී මුලින්ම ගැයුවන් නිරන්තරයෙන් සිහිපත් කරන අයුරු ද මම අසා ඇත්තෙමි. එහෙත් නීලා වික්‍රමසිංහ කිසිදු දිනක 'රන්ටිකිරි සිනා' ගීතයෙත්, 'මාස්ටර් සර්' ගීතයේත් මුලින් ගැයුවන් සිහි කරවන අවස්ථාවක් මම අසා නැත්තෙමි. එසේම ඇගේ ගීත වෙනත් නවකයින් ගයනවාට ද ඇය විරුද්ධය. එහෙත් ඇය ගුණ යහපත් කම් ඇති ඇත්තියකි. ඒ ඇය ගායන කරන 'රන්ටිකිරි සිනා', 'මාස්ටර් සර්', සහ 'වියෝ ගී ගැයෙනා' යන ගීත නිර්මාණය කල නිමල් මෙන්ඩිස් නම් ශ්‍රී ලාංකීය සංගීතයේ සුවිශේෂ නිර්මාණකරුවාට ඇගේ 'මාස්ටර් සර්' ප්රසංගයෙදී ප්‍රණාමය දැක්වීම තුලය. නිමල් මෙන්ඩිස් එය අනවශ්‍ය දෙයක් ලෙස දැක්වූ බව මට දැන ගැනීමට ලැබුණි.

පැහැදිලිවම බටහිර හෝ ජාතික අනන්‍යතාවයන් නියෝජනය නොකරන, භාෂාව හෝ පුරවැසි බව තුල ශ්‍රී ලංකාවේ හෝ එංගලන්තයේ ජාතික රාජ්‍ය (nation-state) නම් කොටුපවුරේ සිරකල නොහැකි, ආර්ථික, දේශපාලන හෝ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන බලඅධිකාරීත්වයන් හා ගනුදෙනු නොකරන නිමල් මෙන්ඩිස් වැන්නවුන්ට කුමන රටක හෝ ජාතික වශයෙන් ඔසවා තැබීම වැදගත් නොවෙනු ඇත. එහෙත් ඒවැනි මිනිසුන්ට හිමිවිය යුතු තැන තීරණය කිරීම අදාල රට සහ ඔවූන්ගේ නිර්මාණ රසවිදින ජනයා තීරණය කල යුත්තකි.
වරක් 'මාස්ටර් සර්' නෙවිල් ප්‍රනාන්දුගේ ගීතයක් නොවේදැයි නීලා වික්‍රමසිංහගේ මුල්ම 'මාස්ටර් සර්' ප්‍රසංගයට (2012) පෙර මාධ්‍ය වේදියෙක් විමසුවිට ඇය දක්වා තිබුනේ 'නෙවිල් ප්‍රනාන්දුත් ඇයගේ ගීතයේ පද ටික වෙනත් තලයකට ගයා ඇති බවයි.' ඇයගේ එම අර්ථ දැක්වීමට අනුව නෙවිල් ප්‍රනාන්දු ඇයට වඩා කණිෂ්ඨ, සිල්ලර ගායකයෙකු යැයි අදහසක් නෙවිල් ප්‍රනාන්දු ගැන නොදන්නා ලාංකිකයන් තුල ජනිත කරයි. එහෙත් නෙවිල් ප්‍රනාන්දු ඇයට පෙර ක්ෂේත්‍රට පිවිස, පිටව ගිය තැනැත්තෙකි. ඔහු 1979 දී ලියුකේමියා පිලිකා රෝගයෙන් මිය යන ලදී. වසර 38ක් පමණ කාලයක් ජීවත් වුවද නෙවිල් ප්‍රනාන්දු නොමැකෙන නාමයක් තැබුවෙකි. ඔහුගේ 'මල්බර හිමිදිරියේ', 'පුන්සද හිනවෙන්නේ', 'සදක් නැග සදක් ගිලේ', 'බදුන් පිරි ඉතිරෙන' වැනි සිංහල ගීතත්, "Oh My Papa" වැනි ඉංග්‍රීසි ගීතත්, "Malagueña Salerosa" වැනි Spanish ගීතත් එකසේ ජනප්රියවු ගීතය. එහෙත් අද නෙවිල් ප්‍රනාන්දුගේ නාමය නැවත හාර මතුකර ගතයුතු පුරාවස්තුවක් බවට පත්ව තිබේ. ඒ ඔහුගේ බොහෝ නිර්මාණ මෙන්ම ලංකේය සංගීතය තුල ඔහුට හිමි තැනද අහිමිකර ඇති නිසාය. ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා නෙවිල් ප්‍රනාන්දුය. ඔහුගේ 'Fernando Trio' සංගීත කණ්ඩායම මෙන්ම වඩාත් ප්‍රසිද්ධ වූ 'Los Caballeros' සංගීත කණ්ඩායමත් ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන්ය.
එහෙත් ලියනගේ අමරකීර්තිගේ 'කුරුළු හදවත' නවකතාවේ එන 'කුරුළුගන්ගොඩ දිනසිරිලා' වැන්නවුන් පෙරට එන ලංකාවේ FM රේඩියෝ සේවාවන්වලට අනුව මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීයා ක්ලැරන්ස් විජේවර්ධනය. මට මතක ලෙස ක්ලැරන්ස් විජේවර්ධනය ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීයායි FM නාලිකාවකින් මුලින්ම රටට කීව්වේ සිරස FM නාලිකාව ආරම්භකල යුගයේ දිනකදී කැලුම් ශ්‍රී මාල්ය. එය අසා සිටි මීගමුවේ 'ඇපිල්ටන් පීරිස්' නම් සුප්‍රකට ගිටාර් වාදකයා 'මුන් දන්න රෙද්ද යැයි' තරහින් කියන අයුරැ මගේ මතකයේ තවමත් රැදී තිබේ. ක්ලැරන්ස් විජේවර්ධනගේ Moonstones සංගීත කණ්ඩායම 1966 සිය මුල්ම ගීත කිහිපය පටිගත කරන විට නෙවිල් ප්‍රනාන්දු මීගමුවේ සහ කොළඹ අතුරු-සිදුරු නැතිවෙන්නට සෙනග පිරෙන මහා ප්‍රසංග දෙකක් කර තිබුණි. ක්ලැරන්ස් 1976 BBC යේ Radio London සේවයේ වර්නන් කුරේගේ අනුග්‍රහයෙන් ගීත ගායනයක් ඉදිරිපත්කරන විට නෙවිල් ප්‍රනාන්දු කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් වල ගී ගැයීමට කොන්ත්‍රාත් අත්සන් කරන ලංකාවේ ෆ්රෑන්ක් සිනාට්ට්රා (Frank Sinatra) කෙනෙකු හෝ ඩීන් මාර්ටින් (Dean Martin) කෙනෙකු බවට පත්වී තිබුණි. ඒ මීගමුව බ්‍රවුන්ස් බීච් සහ බ්ලූ ලැගුන් හෝටල් වල ගී ගැයීමේ කොන්ත්රාත්වලට අමතරවය. ඒ සියල්ලටම වඩා ක්ලැරන්ස් විජේවර්ධන මීගමුවේ නෙවිල් ප්‍රනාන්දු ගේ අභාෂය ලැබූ, නෙවිල්ගේ බොහෝ ගායනා රසවීදීමට සිය ඥාතියෙකු වන මීගමුවේ විසු කරුනාසේන මහතාගේ නිවසට නිතර පැමිණි, නෙවිල් මෙන් ජනප්‍රිය ගායකයෙකු වීමට ප්‍රර්ථනා කල තැනැත්තෙකු බව මතු කිරීමට 'ක්ලැරා' නවකතාව ලියු 'ධනිය ගෝපාල' මෙන් නොවිය හැකි පරාක්‍රම කොඩිතුවක්කුටත් අතපසුවී තිබේ. ක්ලැරන්ස්ගේ ඇසුරින් සංගීතය ප්‍රගුණ කල කරුනාසේන මහතාගේ පුත්‍රයා දැන් ලන්ඩනයේ ශ්‍රී ලංකා සංගීත ප්‍රසංග වල ක්ලැරන්ස් විජේවර්ධනගේ ඥාතිත්වයත්, නෙවිල් ප්රනාන්දුලාගේ මීගමු අභාෂයත් මනහර ලෙස මුසු කර වයති, ගයති. ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු පැහැදිලිවම නීලා වික්‍රමසිංහලාට, ක්ලැරන්ස් විජේවර්ධනලාට වඩා පෙර පැමිණි දැවැන්තයෙක්ය, ජේෂ්ඨතයෙක්ය සහ පුරෝගාමීයෙක්ය යන්න අවිවාදයෙන් පිළිගත හැක.
එහෙත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රය තුල නෙවිල් ප්රනාන්දුලාට, නිමල් මෙන්ඩිස් ලාට නිසි ඇගයීමක්
නොලැබෙන්නේ කුමක් නිසාද ? ඔවුන්ට නිසි තැන ලැබෙන විට නීලා වික්‍රමසිංහලාට ඇති තැන අහිමිවේද ? මහින්ද රාජපක්ෂට ගහලා හරි බලය ගන්න යැයි කියන්නේ එවැනි බියක් ඔවුන්ට ඇති නිසාද ?
මාකස් ප්‍රියන්ත පෙරේරා
31/03/2015.
31/03/2015.