මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ සෞම්‍ය ලියනගේ කළ කථාව අහපුවාහම පෙනෙන දෙයක් තමයි "eulogy" යන්න ලංකා සමාජයට තවමත් එහෙම්පිටින්ම ආගන්තුකයි කියන එක...
මම මේ කියන්නේ සෞම්‍ය ලියනගේ ගේ කතාවේ තිබ්බ "මහා අෂ්පශ්‍ර දායකත්වය"/ "භාවමය ආචරණය"/ "සෞන්දර්යාත්මක ආචරණය"/"රූපණ දේහබන්දුතාව"/ "උක්ත මෙලෝනාටක සිනමාව"/ "උපස්ථම්භක"/ "සාදෘෂ්‍යය"/ "උත්තරාරෝපනය" වැනි යෙදුම් ගැනවත්, ඒ 'බර වචන' ගැනවත්, ඔහුගේ වචන මාලාවෙ හෝ වාග් කෝෂය (vocabulary) ගැනවත් නෙමේ - eulogy ය ගැන.
Eulogy කියන්නේ මියගිය කෙනෙකුට විශේෂ උපහාරයක් පිදීමේ සම්ප්‍රදායක්. මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ ඒ කාර්ය පැවැරී තිබුනේ සෞන්දර්ය විෂය, අධ්‍යායනය පිලිබදව, ආචාර්ය උපාධියක් හිමි, මාලනී ෆොන්සේකාගේ සිනමා දායකත්වය පිලිබදව ශාස්ත්‍රීය අධ්‍යායනයක් කර ඇති, සෞම්‍ය ලියනගේට බව පැහැදිලියි.
එහෙත් සෞන්දර්ය විෂය, සිනමාව, කලාව, සාහිත්‍යය පිලිබදව ශාස්ත්‍රීය අධ්‍යායනයක් ඇති සෞම්‍ය ලියනගේ පවා මියගිය කෙනෙකුට උපහාරයක් පිදීමේ විශේෂ කථා හෝ රචනා (eulogies) සම්බන්ධයෙන් යම් අධ්‍යායනයක් ඇතිව සිටියා නම් මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවයේදී ඔහුට මිටත් වඩා හොද උපහාරයක් දැක්විය හැකිව තිබුනා..
කලාව ගැන ශාස්ත්‍රීය හැදෑරීමක් ඇති සෞම්‍ය ලියනගේ අඩුම තරමේ Marilyn Monroe ගේ මරණය ගැන Lee Strasberg ගේ සුප්‍රකට කතාව (She had a luminous quality — a combination of physical beauty and a great inner beauty.. a woman who touched the hearts of millions around the world.. to the world, she was the blonde bombshell, the sex symbol, the icon... but to those who knew her, she was so much more. She was a dreamer..
අඩුම තරමේ, ඩයනා කුමාරියගේ (Princess Diana) අවමංගල්‍යය වෙනුවෙන් ඇමැරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ සුප්‍රකට සාහිත්‍යය විචාරකයෙක් වූ මහාචාර්ය Harold Bloom ගේ ඉදිරිපත් කිරීම් ගැන අවබෝධයක් ඇතිව සිටියා නම්....
Harold Bloom ඩයනා කුමාරිය (Princess Diana) ව ඉතිහාසය පුරාම පුරාවෘත්තයන් වූ ට්‍රෝයි නගරයේ හෙලේනා (Helen of Troy), විලියම් ශෙක්ෂියර්ගේ හැම්ලට් (Hamlet) පිටපතේ Ophelia යා, ග්‍රීක දේවකතාවල එන Medea යා ආදීන් සසදමින් ඩයනා කුමාරිය කියන්නෙත් ඒ වගේ උත්කර්ෂවත් සුන්දර, අහිංසක, ප්‍රේමාන්විත ස්ත්‍රීයගේ ඛේදනීය ඉරණම නැවැත මතක් කරන පුරාවෘත්තයක් බදු (mythic figure) ස්ත්‍රීයක් යැයි සදහන් කරමින් ඩයනා කුමාරියගේ මරණය ගැන සිදුකල විශේෂ උපහාරය සෞම්‍ය ලියනගේ කියවලාවත් තිබුනා නම්..
අඩුම තරමේ සෞම්‍ය ලියනගේ, ඩයනා කුමාරියගේ (Princess Diana) අවමංගල්‍යය උළෙලේ දී විශේෂ උපහාර පිදීම (eulogy) සිදුකල ඇගේ සහෝදරයාගේ (Earl Spencer) ගේ කථාව - "It’s important to remember one of the greatest ironies about Diana: she was a girl named after the ancient goddess of hunting, yet in her life, she became the most hunted person of the modern age" - අසාවත් තිබුනා නම් ...
එහෙමත් නැතිනම්, මයිකල් ජැක්සන් (Michael Jackson) ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ උපහාරයක් පිදූ ඇමැරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්යවරයකුවූ Cornel West ගේ සුප්‍රකට "Black, tragicomic genius" ප්‍රකාශය.. "Michael Jackson was a wounded healer. He had been broken. He had been scarred. But he turned his pain into love through his art "..
ඔය ආදී විශේෂ උපහාර පිදීම (eulogy) ගැන අහලාවත් තිබුන නම්...
සෞම්‍ය ලියන ගේ මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ ඇයට විශේෂ උපහාර පිදීම (eulogy) ක් ලෙස තමන්ගේ ශාස්ත්‍රීය රචනාවල (research papers) වල කෑලී ටිකක් එකතු කරලා කතාවක් කරනවා වෙනුවට මීට වඩා විශිෂ්ඨ, ශ්‍රේෂ්ඨ උපහාරයක් පිදීමට ඉඩ තිබුනා.
මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ eulogy යක් වෙනුවට සෞම්‍ය ලියනගේ කළේ ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යායනවල (academic reserch) දී එකතුකරගත් කෑලී ටිකක් එකතු කර යමක් ඉදිරිපත් කිරීමයි. එක eulogy යක් නෙමේ..
Eulogy ඒකක් අහපුවහම හෝ කියවපුහම තේරෙනවා.. එය මියගිය පුද්ගලයට පිදිය හැකි උපරිම ගෞරවය පිදීමක් ද? නැතිනම් වෙන මොකක් හරිද කියලා..
මට සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍යය උත්සවය අවස්ථාවේ කළේ ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යායනවල (academic reserch) දී එකතුකරගත් කෑලී ටිකක් කතාවක් ලෙස ඉදිරිපත් කිරීමක් විදිහටත්.... , Marilyn Monroe ගේ මරණය ගැන Lee Strasberg ගේ.., ඩයනා කුමාරියගේ (Princess Diana) මරණය ගැන Harold Bloom හා Earl Spencer ගේ ත්..., මයිකල් ජැක්සන් (Michael Jackson) ගේ මරණය ගැන Cornel West ගේත් විශේෂ උපහාර පිදීම් eulogy ලෙසත් පෙනෙන්නෙත් ඒ පදනමින්.
මේකට එක හේතුවක් වෙන්න පුළුවන් eulogy යන වචනය සම්බන්ධයෙන් ඇති සිංහල තේරුම... eulogy කියන වචනයේ සිංහල තේරුම ලෙස හුගාක් තැන්වල දක්වා ඇත්තේ.. වාක් ප්‍රණාමය, අභිනන්දනය වගේ තේරුමක්. ඒත් ඇත්තටම eulogy කියන්නේ ඊට වඩා ගැබුරු දෙයක්. ඒක තේරුම් ගන්න අවමංගල්‍යය උත්සවයක පැවැත්වෙන eulogy යක් යැයි හදුන්වන විශේෂ උපහාර පිදීමේ සංස්කෘතික සංදර්භය තේරුම් ගන්න ඕනෑ.. ඒක රටේම විතරක් නෙමේ රටේ ජාතික අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වන විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ආචාර්ය මහචාර්ය ඇදුරන්ටවත් නැති බව තමයි සෞම්‍ය ලියනගේ මාලනී පොන්සේකා ගේ අවමංගල්‍යය උත්සවයේදී සිදුකළ කතාවේදී පෙනී ගියේ...
මාකස් ප්‍රියන්ත පෙරේරා
27/05/25