Wednesday 31 August 2022

පුටින් පොලොවේ ගැසු ගොර්බචොව්ගේ නොබෙල් තෑග්ග

සෝවියට් රැසියාවේ අවසාන පාලකයාවූ මිඛායෙල් ගොර්බචොව් (Mikhail Gorbachev) මිය ගොසිනි. ඔහු ගැන බොහෝ දෙනාට ඇත්තේ එතරම් ප්‍රසාදයක් නොවේ. සෝවියට් දේශය නම් 'සිහින දේශය' කඩා බිද දැමීම ගැන ඔහුට සියල්ලෝම දෝෂාරෝපණය කරති.

එහෙත් සෝවියට් දේශය කඩාවැටීමට නියමිතව ඇති බව එහි නිර්මාපකයෙක්වු ලියෝන් ට්‍රොට්ස්කි (Leon Trotsky) 1927 පමණ සිටද ෆෙඩ්රික් හයික් (Friedrich Hayek) ආදී ආර්ථික විද්‍යාඥයින් 1950 ගණන් වල සිටද දක්වා තිබුනි.

ඇත්තවශයෙන්ම මිඛායෙල් ගොර්බචොව් (Mikhail Gorbachev) සිදුකලේ එසේ කඩාවැටෙමින් තිබු රාජ්‍යයක් රැකගැනීමට කටයුතු කිරීමය. ඔහු පෙරස්ත්‍රොයිකා (Perestroika) ප්‍රතිසංස්කරණ මෙන්ම ව්වෘතභාවය (glasnost) ආදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වුයේ ඒ සදහාය. එහෙත් එකී ප්‍රතිසංස්කරණ සිදුකලේ සෝවියට් දේශයේ කඩාවැටීම තව තවත් ඉක්මන් කිරීම පමණි.

ඒසේවුවද එක් දෙයක් ගැන ඔහුට ලෝකයේම ප්‍රසංශාව හිමිවිය. එනම් රැසියාව සහ බටහිර අතර පැනැගී තිබු සීත යුද්ධය (Cold War) නම් වූ න්‍යෂ්ටික ලෝක යුද්ධ ආතතිය නිම කිරීම සම්බන්ධයෙනි. එම නිසාම ඔහුට 1990 දී නොබෙල් සාම ත්‍යාගයද හිමිවිය.

එහෙත් ඔහු ලැබු ඒ එකම සඑලතාවයත් වැඩි කලක් පැවතුනේ නැත. දැන් වැඩිමියර් පුටින් (Vladimir Putin) නැවතත් න්‍යෂ්ටික ලෝක යුද්ධ ආතතියක් නිර්මාණය කර ඇත. ඒ අර්ථයෙන් ගත්කල මිඛායෙල් ගොර්බචොව් (Mikhail Gorbachev)ට මිය යාමට සිදුවුයේ බලාපොරොත්තු සුන්වූවෙක් ලෙසිනි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/08/22