Friday, 28 June 2019

බණ්ඩාරනායකත් එල්ලා මරණ බණ්ඩාරනායක අනුගාමිකයෝ

තමා S.W.R.D. බණ්ඩාරනායක මහත්තමයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ දිනයේ උපතලැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර පාරට්ටු කරගන්නා කරුණකි. එහෙත් එසේ පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණය ජයගෙන, සිය නායක S.W.R.D. බණ්ඩාරනායක මහතා අගමැති ලෙස පත්ව පිහිටවූ රජය පැවත්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම මරණ දඩුවම අවුරුදු 3කට අත්හිටවීමට තීරණය කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්නේදැයි නොදනිමි.

එසේ තුන්වසරකට අත්හිටවූ මරණ දඩුවම පසුව 1958 අප්‍රියල් මාසේදී 'මරණ දඩුවම අහෝසි කිරීමේ පනත' සම්මත කරමින් ස්ථීරවම අත්හිටවන ලදී. කෙසේවුවද එම යුගයේ පාර්ලිමේන්තුවේ පැවති මන්ත්‍රී මණ්ඩල දෙකකම මරණ දඩුවම අහෝසි කිරීම සම්බන්දයෙන් විද්වත් මණ්ඩලයක් පත්කර ඒ සම්බන්දයෙන් තව දුරටත් විමසා බැලිය යුතු බව ඉල්ලා සිටියේය

ඒ අනුව ලංකා විශ්ව විද්‍යාලයේ නීතිපීඨයේ හිටපු පීඨාධිපති, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යායේ නීතිපීඨයේ සේවය කල, ආචාර්ය Norval Morris ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කරන ලදී. එම කොමිසමේ විදිමත්  කරුණු විමර්ශනයකින් පසුව ඔවුන් පැමිණි අවසන් නිගමනයවුයේ 'අපි මරණ දඩුවම දිගටම අත්හිටවීම නිර්දේශ කරමු' යන්නය ( "We recommend that capital punishment should continue to be suspended"). 

ඇත්තවශයෙන්ම එම කොමිසමේ නිර්දේශ නිකුත්වුයේ බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට සති දෙකකට පෙරය. කොමිසම කුමක් නිර්දේශකලද බණ්ඩාරනායක මහතා මැරූ අයට මරණ දඩුවම දියයුතු බවට ලොකු හා-හුවක් පැන නැගුණි. ඔවුන්ට කොමිසමේ නිර්දේශ හෝ බණ්ඩාරනායක මහතා මැරෙන ඇදේ සිට ඉල්ලා සිටි ඉල්ලීමද කිසිසේත් අදාලවුයේ නැත. ඔවුන්ට අවශ්‍යවුයේ මිනීමරුවන්ට මරන දඩුවම ලබාදීමය. ඇහැට-ඇහැක්, දතට-දතක් මෙන්ම ජීවිතයට-ජීවිතයක්ද ඔවුන් ඉල්ලා සිටියහ. එහෙත් බණ්ඩාරනායක මහතාගේ අවසාන ඉල්ලීමවු ''ඒ භික්ෂුවට අනුකම්පා කරන්න ඔහුගෙන් පලිගැනීමට කිසිවක් කරන්න එපා'' යන්නය. බණ්ඩාරනායක මහතාගේ එම අවසන් ඉල්ලීම ගැන ඔවුන් කිසිසේත්ම සවන් යොමු නොකළහ. 


මරණ ඇදේ සිට බණ්ඩාරනායක මහත්තයා එසේ ඉල්ලුවද බණ්ඩාරනායකවාදීන්ට අවශ්‍යවූයේ බණ්ඩාරනායක මහතා මරාදැමූ සෝමාරාම භික්ෂුවට මරණ දඩුවමදීමය. ඒ අනුව මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළහ. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අවස්ථාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සිටි S. Natesan මහත්මයා කියා සිටියේ 'ආණ්ඩුව පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) සතු නීති හැදීමේ බලය පලිගැනීමට/එකට එක කිරීමට යොදාගන්නේ නම් එය ව්‍යවස්ථාදායකය සතු බලය ගණිකාසේවයේ යෙදවීමක් බවත්, ඒවගේ වැඩ කිසිම රජයකට ගැලපෙන වැඩ නොවෙන බවය.' (''the government was prostituting the legislature of the country and was acting in a spirit of revenge that was unworthy of any government.'')

අවුරුදු 40ක කාලයක් ක්‍රියාත්මක නොකර අත්හිටවා තිබු මරණ දඩුවම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට 'හොද පාඩම්ක් උගන්වන්නවා', 'ඕකුන්ව එල්ලනවා', 'උන්ට මම කවුද කියලා පෙන්වනවා', 'මම කවුද කියලා ඔය ඔක්කොටම උගන්වනවා' වැනි චේතනාවකින් නැවත ක්‍රියාත්මක කරන්නේ නම් එය S. Natesan මහතා පෙන්වාදුන්ලෙස රාජ්‍ය බලය අවභාවිතා කිරීමකි. එවැනි ක්‍රියා යහපාලනයකට නම් කිසිසේත්ම ගැලපෙන්නේ නැත. කොහෙත්ම මෛත්‍රීපාලගේ නමටවත් එය ගැලපෙන්නේ නැත. දුෂ්ට දඩුවම්දීම් ඔස්සේ රටක් නොව දරුවෙක්වුවද නිසිමග යැවිය නොහැක. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
29/06/2019

Tuesday, 25 June 2019

කටුවපිටියේ විපතට පත් ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකරමු


පාස්කු ඉරිදා එල්ලකල ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා විපතට පත් මීගමුව කටුවපිටිය සා. සෙබස්තියන් පල්ලියේ සිටි ජනතාව වෙනුවෙන් මීගමුව මහනගර සභාවේ මූලිකත්වයෙන් ස්මාරකයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය මතුකරමින් මීගමුව නගරාධිපති දයාන් ලාංසාගේ facebook පිටුවේ මා තැබූ සටහනක් ගැන පුළුල් අවධානය යොමුවී ඇති බවක් පෙනේ. 


නගරයේ බොහෝ දැන උගත් පිරිස් අතර පමණක් නොව සාමාන්‍ය ජනයාද මේ ගැන යම් උන්නදුවකින් පසුවෙන බව පෙනීයයි. විශේෂයෙන්ම සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කිහිපදෙනකුද මේ සම්බන්දයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ සදහා (මා දක්වා සිටි ලෙසම) හලාවත-කොලබ පාරෙන් කටුවපිටිය පල්ලියට හැරෙන මීගමුව රෝහල අසල 'බාල්දි හන්දියේ' අත්හැර දමා ඇති ඉඩම වඩාත් සුදුසුබව ඔවුන්ද පිළිගන්නා බව දක්වා තිබුනි.

මෙවැනි මිල අධික කටයුත්තකට මුදල් වියදම් කරනවාට වඩා, විපතට පත් ජනයාට එම මුදල් ලබාදී ඔවුන්ව ගොඩනැගීම ඊට වඩා වැදගත් බවද සිතන පිරිසක් සිටින බවද පැහැදිලිය. එම කාරණයද කිසිසේත්ම බැහැර කල නොහැකි කරුණකි. ඔවුන්ගේ ජීවිත නගාසිටවීම සියළුම කටයුතුවලට වඩා වැදගත් මෙන්ම ප්‍රමුඛත්වය ලැබිය යුතු කාරණය බව අප සියල්ලන් පිළිගත යුත්තකි. මේ මොහොතේද ඒ සදහා යම් යම් කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒවා ප්‍රමාණවත්ද? නැත්ද? යන්න සහ තවදුරත් අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍ර මොනවාද යන්න ගැන සොයාබලා කටයුතු කිරීමටද යාන්ත්‍රණයක් අවශ්‍යය. 

අනෙක් අතට, ස්මාරක සම්බන්දයෙන් ලංකාවේ තත්වය ගැන සලකාබලා අදහස් දක්වන්නන් මතුකරන කාරණයක් වනුවේ ඒවා කෙතරම් මුදල්වියදම් කර ලස්සනට ඉදිකලද අවසාන වශයෙන් හුදෙක් කාක්කෝ ලගින ස්ථාන බවට පමණක් පත්වෙන බවයි. ඇත්ත වශයෙන්ම ජනතාවට අවශ්‍ය නොවන ස්මාරක රටකට අවශ්‍ය නැත. එමෙන්ම හුදෙක් ස්මාරකයක් පමණක් ඉදිකිරීමෙන්ද පලක් නැත. එය මහජනයාට විවෘත, ගැවසිය හැකි, කාලය ගෙවිය හැකි, නිදහස් ස්ථානයක්වීමට අවශ්‍යය. එවැනි  ස්මාරක හදන මුදලින් මිනිස්සුන්ට ජීවත්වීමට දියහැකියැයි සිතා  යම් ස්මාරකයක් හැදීම වලක්වනවාලීමද වැරදිය. මන්දයත් ස්මාරක සමාජයේ ඉදිරි වර්ධනයට හේතුවිය හැකිය. අපි සියල්ලන්ම මියයන බව අපි සියල්ලෝම දනිමු. එහෙත් අප මියගියද සිදුවූ සිද්ධීන් යලි යලිත් ආවර්ජනය කරමින් ස්මාරක ඉතුරුවෙනු ඇත. කවුරු පැමිණියද, නැත්තද, කාට මතකද, නැතිද, යන්න  මතක්කරමින් ස්මාරක ඉතුරුවෙනු ඇත.

එසේම, මෙම ප්‍රහාරය නිසා බිදවැටුන, ඉරිතැලී-දෙදරා ගියද මීගමුවේ තිබු සමගිය, සහෝදරත්වය සහ සහයෝගීතාවය අත්නොහැරි ජනතාවක් ලෙස සටහන් කිරීමට සහ නැවත තහවුරු කිරීමට, සංකේතාත්මකව නැවත සනිටුහන් කරන කිසියම්ම හෝ වැඩපිළිවෙක් අවශ්‍යය. මීගමුව වූ කලී චිරාත් කාලයක් තිස්සේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බර්ත, ජා-මැලේ, පරවර ආදී සියලු ජනකොටස්ද, කතෝලික, මුස්ලිම්, හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි, සහ නිරාගමික ජනයාද සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත්වූ දේදුනු නගරයකි.

මීගමුව ජනයාගේ එම ලක්ෂණ නැවත මතුකරලමින්, මීගමුවට සිදුවූ දරුණුතම ව්‍යාසන යෙදේ පවා එම සමගිය, සහෝදරත්වය සහ සහයෝගීතාවය අත්නොහැරි ජනතාවක් ලෙස සටහන් කිරීමට සහ තහවුරු කිරීමට යම් අවකාශයක් අවශ්‍යය. ලෝකයේ අනෙකුත් රටවල, විවිධ නගරවල, විවිධ ව්‍යාසනයට ලක්ව විපතට පත් ජනයා සිහිපත් කිරීමට, ඔවුන් කිසිදා අත්නොහැරි බව සනිටුහන් කිරීමට, විවිධ ස්මාරක ඉදිකර තිබේ. අපද ඒ අනුව යමින් මීගමුව මුහුණදුන් දරුණුතම ව්‍යාසනයෙදේ පවා සමගිය, සහෝදරත්වය සහ සහයෝගීතාවය අත්නොහැරි ජනතාවක් ලෙස සටහන් කිරීමට සහ තහවුරු කිරීමට, ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකවාසීන්ටම එය සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීමට මීගමුව ජනයාගේ දායකත්වයෙන්, මීගමුව මහනගර සභාවේ මූලිකත්වයෙන් කටුවපිටියේ විපතට පත් ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම කටයුතු කරමු !!!!!!

(මීගමුව නගරාධිපති දයාන් ලන්සාගේ facebook පිටුවේ මා තැබූ සටහන පහතින් දැක්වේ)

//''කටුවපිටිය පල්ලිය අයිති කටාන ප්‍රාදේශීය සභාවට නේද''? ආදී රේගුලසිමය කරුණු අනුව යන්නේ නැතිව, විපතට පත්වුයේ අපේ මිනිස්සුයි කියලා හිතලා නගරාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ මීගමුව මහ නගර සභාව කටයුතුකල ආකාරය ඇත්තටම ප්‍රශාන්ශනීයයි. ඒ සමබන්දයෙන් ඔබ සියලු දෙනාටම ස්තූතිවන්තවිය යුතුයි. මම හිතනවා මීගමුව නගරසභාව විදිහට පාස්කු ප්‍රහාරයෙන් දිවිපිදු 'අපේ නම් නොකරනලද ප්‍රාණ පරිත්‍යාගීන්' වෙනුවෙන් මීගමුව නගරයේ ස්මාරකයක් ඉදිකරන්න පුළුවන් නම් එය තවත් අමරණීය කාර්යක්වෙනවා. නගර වැසියන්ගේද ආධාරෝපකාර ඇතිව, මීගමුව මහ නගර සභාවේ දායකත්වයෙන්, නගරාධිපතිතුමාගේ නායකත්වය යටතේ එවැන්නක් ඉදිකිරීමට කටයුතු කිරීමට ඔබට හැකිනම් එය වඩාත් වටිනවා. මේ සදහා හලාවත-කොලබ පාරෙන් කටුවපිටියට හැරෙන 'බාල්දි හන්දිය' වඩාත් උචිත ස්ථානයක්. මොකද එතැන ඒ පාරෙන් නිතිපතා ගමන් කරන ලක්ෂගානක් පිරිසගේ ඇස ගැටෙන තැනක්.// 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
18/06/2019

Monday, 10 June 2019

පෙන්තකොස්ත දිනය කොයි වගේ වෙන්න ඇත්ද?

අද, (09/06/2019), කතෝලික පල්ලිය පෙන්තකොස්ත දිනය සමරද්දී, ක්‍රිස්තුස් වහන්සේගේ‍ මරණයෙන් පස්සේ බියෙන්, මුලුගැන්වීලා, හැංගිලා හිටිය උන්වහන්සේගේ ශ්‍රාවකයෝ, එක පාරටම එලියට ඇවිත්, කිසිම බයක් පැකිලීමක් නැතිව, මීට කලින් කිසිම දවසක නොතිබුන හයියක් අරන්, ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රසිද්ධියේ කතාකරන, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ගොඩනගන්න මුල්ම පියවර තැබූ අද වගේ දවසක, පල්ලියේ කියවෙන ක්‍රියා (Act) පොතේ පාඨය ඇහෙන හැම වාරයකම මට මතක්වෙන සිද්ධියක් තියෙනවා මගේ යෙහෙලියක් මට කියාපු. 

ඇයත්, ඒ වගේම බොහෝ දෙනෙක්ගේ ආදරය සහ ගෞවරවය දිනාගෙන සිටි, ආගමට සිය ජීවිතය යොදවා හිටිය, ඇගේ සැමියත්, බොහොම කැපකිරීම් කරලා, අවසානයේ විදේශ රටක ගිහින් එහිදී විවාහවෙලා, දරුවන් ලැබිලා බොහොම සතුටින් ඉද්දී, හදිස්සියේම ඇයගේ සැමියා අසනීපවෙලා මියගියා. ඊට පස්සේ එයා මට විස්තර කළා ඇය කඩාවැටිච්ච තරම. දවස් ගානක් ගෙදර ජැනේලයක්වත්, කර්ටං එකක්වත් ඇරියේ නැහැල්ලු. දවල්ද රෑ ද, කළුවරද,එලිය වැටිලාද, ළමයි කෑවද බිව්වද, එයාලා නිදිද, ඇහැරිලාද, මොකක්ද වෙන්නේ, මොකක්ද කරන්නේ කියලාවත් හිතා ගන්න බැරිවලු හිටියේ. එහෙත් එක දවසක් ඇයට අමුතුම හැගීමක්, ශක්තියක්, හයියක් ආවලු, ඇය එකවරම නැගිටලා කර්ටං, ජැනෙල් ඇරපුවහම එකපාරටම විශාල එළියක් ඇයට ලැබුණා වගේ දැනුනලු. එදා සිට ඇය වෙනත් කිසිමදාක ඇයට නොතිබුන ජවයකින්, හයියකින් කටයුතු කරනවා, දැන් කාලයක් ගතවෙලා ගිහින්. ඇගේ දරුවෝත් දැන් ලොකුයි. 

පෙන්තකොස්ත දිනයේදී මොනවගේ දෙයක් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්ට වෙන්න ඇත්ද කියලා මට හිතා ගන්න පුළුවන් ඇගේ ඒ කතාව සමග. 

(Act 2:19) When the day of Pentecost came, they were all together in one place. Suddenly a sound like the blowing of a violent wind came from heaven and filled the whole house where they were sitting. They saw what seemed to be tongues of fire that separated and came to rest on each of them. All of them were filled with the Holy Spirit and began to speak in other tongues as the Spirit enabled them.

Now there were staying in Jerusalem God-fearing Jews from every nation under heaven. When they heard this sound, a crowd came together in bewilderment, because each one heard their own language being spoken. Utterly amazed, they asked: “Aren’t all these who are speaking Galileans? Then how is it that each of us hears them in our native language? Parthians, Medes and Elamites; residents of Mesopotamia, Judea and Cappadocia, Pontus and Asia, Phrygia and Pamphylia, Egypt and the parts of Libya near Cyrene; visitors from Rome (both Jews and converts to Judaism); Cretans and Arabs—we hear them declaring the wonders of God in our own tongues!” Amazed and perplexed, they asked one another, “What does this mean?”

Some, however, made fun of them and said, “They have had too much wine.”

Peter Addresses the Crowd
-------------------------------------------
Then Peter stood up with the Eleven, raised his voice and addressed the crowd: “Fellow Jews and all of you who live in Jerusalem, let me explain this to you; listen carefully to what I say. These people are not drunk, as you suppose. It’s only nine in the morning! No, this is what was spoken by the prophet Joel: ‘In the last days, God says,

I will pour out my Spirit on all people.
Your sons and daughters will prophesy,
your young men will see visions,
your old men will dream dreams.
Even on my servants, both men and women,
I will pour out my Spirit in those days,
and they will prophesy...

(Photo: Neo-Byzantine mosaic at the side chapel of the Basilica of Our Lady of the Rosary, Sanctuary of Our Lady of Lourdes, Lourdes, France.)

මාකස් ප්‍රියන්ත පෙරේරා
09/06/2019.

Thursday, 6 June 2019

කටාන ප්‍රාදේශීය සභාවට කටුවපිටියෙන්ම නියෝජිතයෙක් පත්කරගන්න

කටාන ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණඩායමක් යටතේ තරගකර ජයලැබූ දොස්තර සනත් ප්‍රනාන්දු මහතා (වෙද මහත්තයාගේ පුතා) ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට ලක්ව කටුවපිටිය පල්ලියේදී ජීවිතක්ෂයට පත්විය.

ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකුවූ ඒ මහතා මීගමුව රෝහල් සංවර්ධන කමිටුවේද විශාල වැඩ කොටසක් සිදුකල ප්‍රදේශයේ මහත් ජන ප්‍රසාදයකට හිමිකම් කියූ තැනැත්තෙකි. ඇත්ත වශයෙන්ම එතුමා තරගකල ස්වාධීන කණඩායමට කටාන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආසනයක් දිනාගැනීමට තරම් චන්ද ප්‍රමාණයක් ලැබුනේ ඔහු දිනාසිටි පුද්ගල ජනප්‍රියතාව නිසාය.

ඔහුගෙන් අනතුරුව එම කණ්ඩායමේ ඊළගට වැඩිම මනාප ජන්ද ප්‍රමාණයක් ලබා සිටින්නේ රද්දොළුගම පෙරේය්රා මහත්මියය. දොස්තර සනත් ප්‍රනාන්දු මහතාගේ මරණය නිසා පුරප්පාඩුවෙන එම කණ්ඩායමට හිමි අසුන සදහා එම මහත්මිය හෝ එම කණ්ඩායමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මෙල්වින් මහතා පත්වීමට ඉඩ තිබේ.

එහෙත් කටුවපිටිය බෝම්බ ප්‍රහාරයත් සමග ඇතිවී ඇති එම ප්‍රදේශයේ අවශ්‍යතා සදහා එම ප්‍රදේශය අයත් කටාන ප්‍රාදේශීය සභාවෙන් අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීමට කටුවපිටිය ගමෙන්ම පුද්ගලයෙකු පත්කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. ඒ සදහා ප්‍රදේශවාසීන් ඉල්ලාසිටින්නේ එම කණ්ඩායමේ සිටින හෝ එම කණඩායමෙන් පිටත සිටින කටුවපිටිය ප්‍රදේශවාසී ක්‍රියාකාරී තැනැත්තෙකු පත්කර දොස්තර සනත් ප්‍රනාන්දු මහතාගෙන් එම ප්‍රදේශයට සිදුවූ සේවය අඩුවකින් තොරව නැවත අත්කරදීමට කටයුතු කරන්නේ නම් විපතට පත් ජනයාට මේ මොහොතේදී යම් හයියක් ලැබෙන බවයි.

මේ සම්බන්දයෙන් අවශ්‍ය අවධානය යොමුවීම ප්‍රහාරයෙන් පසු නැවත නැගීසිටීමට වෙර දරන එම ප්‍රදේශයේ ජනයාට ලබාදෙන තවත් ශක්තියක් වනු නොවනුමානය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
07/06/2019