"මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැතිවනදාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය"
ඉහත වදන් පෙළ ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේය. ලංකාව තුල කාලයක් තිස්සේ පට්ට ගසන මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහතකී වදන්පෙළ අප සැමට ඉතා හුරුපුරුදුය. සිරිසේන ජනාධිපති වරයාගේ සිට විවිධ දේශපාලකයින්ද, කාදිනල්තුමාගේ සිට විවිධ තරාතිරමේ පුජකතුමන්ලාද, දිවයින පත්තරේ සිට ප්‍රදීපය පත්තරේ දක්වාද, බොහෝ ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකාද, facebook වැනි සමාජ මාධ්‍යන්ද, ඉහත ජයකොඩි පියතුමාගේ වාක්‍ය ඛණ්ඩයන් නිතර නිතර වරනගයි.
එහෙත් එකී බොහෝ දෙනෙක් ඉහත දැක්වූ මර්සලින් ජයකොඩි පියතුමාගේ වදන්පෙළ උපුටා දක්වමින් උලුප්පා පෙන්වන්න හදන්නේ කුමක්ද? ඒ සම්බන්දයෙන් ඔබට අදහසක් තක්සේරුවක් තිබේද?
එක අතකට ඔවුන් කියන්න යන්නේ ඉතා සරල කථාවකි. එනම් නත්තල යනු දිළින්දන්ට කෑමදීම, වැරහැලි ආදිය ඇදන් සිටින්නන්ට ඇදුම්දීම ආදියද අප විතරක් කාබී, සැරසිලිකර, විවිධ ඇදුම් ආයිත්තම් ඇද උජාරුවට සමරණවාට වඩා එය දිලිදු ජනයා සමග බෙදාගැනීම වටිනා බවය. වඩාත් ආකර්ශනීය සහ යුක්ති සහගත ලෙස දැක්වුවහොත් 'නත්තල යනු බෙදාගැනීමය', 'ඇති අය නැති අයට දීම' ආදී කථාය. එවැනි කථා යහපත්ය. හද පිනව, පිං අනුමෝදන්වෙන සුන්දර කථාය.

අනික් අතට, මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහත වදන්පෙළ උපුටා දක්වමින් උලුප්පා පෙන්වන්න හදන්නේ නත්තල යනු එහෙම මහා උත්සවාකාරයෙන් සැමරිය යුතු දෙයක් නොවන බවය. 'ජේසු ඉපදුනේ ගව මඩුවේය', ඔහුගේ 'තොටිල්ල වුයේ පිදුරු පිරවූ ගව ඔරුවය' ආදී කතා මෙහිලා ආධාරක කරුණු ලෙස භාවිතා කරයි. (ඇත්ත වශයෙන්ම එවැනි කරුණුවලට පදනමක් නැත. ලූක් සුවිශේෂයේ කරුණු පවා දක්වන්නේ තානායමේ ඉඩ නොමැති වුයෙන්, ඔවුන් (සතුන්ට කෑම දෙන) ගව මඩුව හෙවත් manger හී නැවතුන බවයි. මෙහිදී manger යන්න කුමනාකාරයේ තැනක්ද යන්න පිළිබද පැහැදිලි නැත. ජේසු ගව මඩුවක ඉපදුන නිසා අපි නත්තල උත්සවාකාරයෙන් සැමරිය යුතු නැත්ද?
ඒ හැර, 'දුගියා බත්කනදාය, වැරහැලි නැතිවනදාය, දුක සැනසෙන දාය, පව පල්ලිය යන දාය' වදන් පෙළ ලංකාව තුලදී සුළුතරයක්වන කිතුනුවන් අතිමහත් උත්සවාකාරයෙන් සමරන නත්තල යම් ආකාරයකට නියාමනය (regulate) කිරීම සදහාද භාවිතාකරන බවක් පෙනේ. පොඩි පිරිසකගේ වැඩි සද්දය ලොකු පිරිසකට මහා කන්කරක්ච්චලයක් නොවීමට වගබලාගැනීම ඉතා වැදගත්ය. එහිලා මර්සලින් ජයකොඩි පියතුමාගේ ඉහත වදන්පෙල ලබාදෙන දායකත්වය ඉතා ඉහලය.

කෙසේවුවද, මා යෝජනා කරන්නේ අපි දැන් මර්සලින් ජයකොඩි පියතුමාගේ සෞන්දර්වාදී රසාස්වාදනයෙන් එලියට යායුතු බවය. එනම් නත්තල යනු 'දුගියා බත්කනදාය, වැරහැලි නැතිවනදාය, දුක සැනසෙන දාය, පව පල්ලිය යන දාය' යන කථාවලින් අපි දැන් එලියට යායුතුබවය. මන්දයත් මහත් සද්භාවයෙන් මර්සලින් ජයකොඩි පියතුමා ඉදිරිපත් කල එවැනි රචනා පවා දැන් භාවිතා කරන්නේ ප්‍රතිගාමීන්ය. ප්‍රතිගාමී අවශ්‍යතා වෙනුවෙනි.
ඇත්තවශයෙන්ම නත්තලේ සැබෑ අරුත විස්තර කල හැක්කේ 'නත්තල යනු සතුටය' යන්න පිළිගැනීම තුලය. එවිට නත්තලේ නියම අරුත රැගත් නියම කතාව දිගහැරෙනු ඇත. එනම් 'නත්තල යනු සතුට' නම් අපි සතුටු නැත්තේ ඇයි? අපේ සතුට අපිට අහිමිවී ඇත්තේ ඇයි? ඒය උදුරාගත්තේ කවුද? මේ ආදි ප්‍රශ්නවලට ඉඩ ප්‍රස්ථා විවරවේ. ඇත්තවශයෙන්ම, ජේසුගේ උපත තුල මතුකරන විමුක්තියේ පණිවිඩය මතුකරගත හැක්කේ එවිටය.
ඉතින් අපි ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ සෞන්දර්වාදී වදන් යොදාගෙන දිගින් දිගටම පතුරුවන ප්‍රතිගාමීත්වය වෙනුවට 'නත්තල යනු සතුට' යැයි යන්න පිලිගනිමු. එය දුගියාට බත් දීමේ හෝ වැරහැලි වෙනුවට හොද ඇදුම් දීමෙන් හෝ අත්කර නොගත හැක්කකි. සැබෑ සතුට අත්කර ගත හැක්කේ සැමට සතුටින් සිටිය හැකි සමාජ, දේශපාලනික, ආර්ථික සහ පාරිසරික වටපිටාවක් තුල පමණි.
එවැනි අරුතක් පිරි නත්තලක් ඔබටත් උදාවේවා.
මාකස් ප්‍රියන්ත පෙරේරා
24/12/2018.
*ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති Peter Paul Rubens (1577-1640) ගේ The Adoration of the Magi (1628) චිත්‍ර ඉහතින් දැක්වේ.